Song Title : Pera Eka Dawasaka (පෙර එක දවසක)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් දසනායක
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
ආල හැඟුම් දෙන කොමල හිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කළා සේ
නීල නුවන් වැටි දෑල වලින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කළා වේ
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
එකම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ ප්‍රථම කැසට් පටිය'Milton Anytime Anywhere' ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ ප්‍රථම කැසට් පටියයි. මිල්ටන් මල්ලවාරච්චි ගේ ගී 12 ක් අඩංගු වූ මේ කැසට් පටියේ, නිෂ්පාදනය හා බැඳුණු අතීත කතාව මෙසේයි.
"තරංගා" අධිපති විජය රාමනායක මහතා ලංකාවේ මුල්ම කැසට් පටය සඳහා තෝරාගෙන සිටියේ වික්ටර් රත්නායකයි. එම කටයුත්ත සඳහා වර්නන් පෙරේරා ද සමගින් වික්ටර් හමුවීමට ගියත් විජය රාමනායකට වික්ටර් හමුවීමට නොලැබුණේය. ආපසු එන ගමනේ දෙදෙනා මිල්ටන්ව හමුවී මේ අදහස ඉදිරිපත් කළේය. මුළදී මිල්ටන් වැඩි මනාපයක් නොදැක්වූයේ කැසට් පටිය නම් නව නිෂ්පාදනය අමුත්තක් වූ බැවිනි. කෙසේ නමුත් මිල්ටන් කැමති කරවා ගැනීමට විජය රාමනායක මහතා සමත් විය. එය මිල්ටන් ටද වාසනාව ගෙනාවේය. මෙලෙසින් 1977 දී මෙ රට නිෂ්පාදිත ප්‍රථම කැසට් පටිය 'තරංගා' ලේබලයෙන් යුතුව එළි දැක්විණ.
මේ එම කැසට් පටයේ 'A'පැත්තේ ගොනුවූ ගී හයයි.
1. පෙර එක දවසක
2. ඔබ දැන් කීවත්
3. ඔබ වෙනුවෙන් මා
4. සැන්දෑ යාමේ
5. දෙනෝ දහක් ගැවසෙන
6. සිනහ රැල්ල
ඉහත ගී හයේ තනු හා සංගීත නිර්මානය කළේ සරත් දසනායකයි.
කැසට් පටියේ අනෙක් පස ('B'පැත්තේ) අඩංගු වූ ගී හය.
1. සඳෙන් එහා
2. දුවේ හර්ෂණී
3. මා තනිවෙලා
4. සඳළුතලේ
5. රන් හිරු කැරැල්ලේ
6. මා නොසිතූ දේ
මෙම ගී හය ක්ලැරන්ස් විජේවර්ධනගේ තනුවලින් හා සංගීත සංයෝජනයෙන් ද සැරසිණ.
0 comments:
Post a Comment