Song Title : Pera Dinayaka Ma (පෙර දිනයක මා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා //
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
ඉරට සඳට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා
එදා වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා //
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
0 comments:
Post a Comment