Mohen Mula Wela Song Lyrics - මෝහෙන් මුලා වෙලා ගීතයේ පද පෙළ

Mohen Mula Wela Song Lyrics - මෝහෙන් මුලා වෙලා ගීතයේ පද පෙළ
Song Title : Mohen Mula Wela (මෝහෙන් මුලා වෙලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
තනුව : ආර්.ඒ. චන්ද්‍රසේන


මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

කේළම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්

උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී

අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment