Song Title : Mindada Hee Sara (මින්දද හී සර)
ගායන : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ //
තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ //
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා //
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ
මින්දද හී සර
0 comments:
Post a Comment