Song Title : Mata Epa Obe Hasareli Bidak (මට එපා ඔබේ හසරැලි බිඳක්)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා //
සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ //
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පද වැල් ලීවේ //
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා
මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුණොත් සෑහෙනවා //
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා ///
0 comments:
Post a Comment