Malsara Ukdadu Dunnen Pani Bee Song Lyrics - මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී ගීතයේ පද පෙළ

Malsara Ukdadu Dunnen Pani Bee Song Lyrics - මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී ගීතයේ පද පෙළ
Song Title : Malsara Ukdadu Dunnen Pani Bee (මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී //

ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
ඔබ නිහඬ ව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කලඹයි

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී

හිනැහෙනු මැන හසරැලි අතුරා වත
හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
ඔබ නිහඬ ව සිටිනා විට මගෙ සිත
මුළු ලොව හැඬුවත් දෙසවන නොමදෙත
ඔබේ නිහඬ බව මා සිත කලඹයි

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී
ආවෙමි වියරු වැටී
ආවෙමි වියරු වැටී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment