Mal Pipunata Lowa Mal Kumatado Song Lyrics - මල් පිපුනට ලොව මල් කුමටදෝ ගීතයේ පද පෙළ

Mal Pipunata Lowa Mal Kumatado Song Lyrics - මල් පිපුනට ලොව මල් කුමටදෝ ගීතයේ පද පෙළ
Song Title : Mal Pipunata Lowa Mal Kumatado (මල් පිපුනට ලොව මල් කුමටදෝ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය : සුරංජි ෆොන්සේකා
තනුව : ඩී.ආර්. පීරිස්
පළඟැටියෝ චිත්‍රපටියෙන්


මල් පිපුනට ලොව මල් කුමටදෝ
ඔබ ඇති තැන වෙන මල් කුමටදෝ
හිරු සඳු මන්දෝ ඔබ ඇති තැන මට
මාගෙ හදවත් අහස් ගැබේ
ඔබ මගෙ හිරු සඳු වේ සදා
ඔබ මගෙ හිරු සඳු වේ සදා

මල් පිපෙනා කාලේ වසන්තයේ
පිපි මල මා හද තුල ඔබ වෙතේ
බමරු මෙමා නම් පියඹා පියඹා
පියඹා විත් ඔබ සිප වෙළමි
මා හද තුල ඔබ සංගමි
මා හද තුල ඔබ සංගමි

සුවඳ ඔබ නම් මා කුමරී
සුළඟ මම වෙමි පිය කුමරී
මාගෙ කුමරෝ නොයනු මැනේ
ඔබේ සුළ‍ඟේ මා පැටලෙම්
සිහින ලොව මගෙ
කුමරි ඔබ වෙතේ
නොයනු මා හැරදා

හැලෙන ඇල්ලයි ඔබ කුමරි
තුෂාරයවී ඔබ වෙළමී
ඔබෙ තුෂාරය වෙළනු මැනේ
ඒ අතරේ හිඳ මා රඟනෙම්
ඈත කඳු මතින්
ගලා එන්නේ
මාව සිප ගන්නයි

මල් පිපුනට ලොව මල් කුමටදෝ
ඔබ ඇති තැන වෙන මල් කුමටදෝ
හිරු සඳු මන්දෝ ඔබ ඇති තැන මට
මාගෙ හදවත් අහස් ගැබේ
ඔබ මගෙ හිරු සඳු වේ සදා
ඔබ මගෙ හිරු සඳු වේ සදා

මල් පිපෙනා කාලේ වසන්තයේ
පිපි මල මා හද තුල ඔබ වෙතේ
බමරු මෙමා නම් පියඹා පියඹා
පියඹා විත් ඔබ සිප වෙළමි
මා හද තුල ඔබ සංගමි
මා හද තුල ඔබ සංගමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment