Mal Liyakam Radi Song Lyrics - මල් ලියකම් රැඳී ගීතයේ පද පෙළ

Mal Liyakam Radi Song Lyrics - මල් ලියකම් රැඳී ගීතයේ පද පෙළ
Song Title : Mal Liyakam Radi (මල් ලියකම් රැඳී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියාගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳෙනා

ඔච්චම් කර මල් කුමර කුමරියෝ
අප වටකර හිනැහෙන්නා
කිඳූරැ කොදෙව්වේ මුතු පායේ
හැංගෙමු අපි දෙන්නා
හැංගෙමු අපි දෙන්නා

මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියාගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳෙනා

රත්තරනින් සැදි කේතකි මංපෙත්
අත්වැල් බැඳ යමු රත්තරනේ
පිච්ච මලින් පිරි ලෝකය අපටයි
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment