Mal Ginigena Pujasanaye Song Lyrics - මල් ගිනිගෙන පූජාසනයේ ගීතයේ පද පෙළ

Mal Ginigena Pujasanaye Song Lyrics - මල් ගිනිගෙන පූජාසනයේ ගීතයේ පද පෙළ
Song Title : Mal Ginigena Pujasanaye (මල් ගිනිගෙන පූජාසනයේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මල් ගිනිගෙන පූජාසනයේ
හදවත ඇවිලෙයි මරු කතරේ
බිඳුන බඳුන දෝත දරා
දිවියම ඉන් ගිලිහෙද්දිත්
ඔබ තවමත් සිහින කොදෙව්වේ

නියං අහස කළුවර නෑ
පේළි වැස්ස අහළක නෑ
කර සුළඟින් විලිලන අහසේ
වලාකුළින් ඇයි ඔබ වැහි මලු අයැදින්නේ

මල් ගිනිගෙන පූජාසනයේ
හදවත ඇවිලෙයි මරු කතරේ
බිඳුන බඳුන දෝත දරා
දිවියම ඉන් ගිලිහෙද්දිත්
ඔබ තවමත් සිහින කොදෙව්වේ

ලතා ළපලු පැහැසර නෑ
මලිති ගීය සවනට නෑ
අවුල්ව ගිය මහද අසපුවේ
අඳුර නොදුටු සේ
ඇයි සෙනෙහස අයදින්නේ

මල් ගිනිගෙන පූජාසනයේ
හදවත ඇවිලෙයි මරු කතරේ
බිඳුන බඳුන දෝත දරා
දිවියම ඉන් ගිලිහෙද්දිත්
ඔබ තවමත් සිහින කොදෙව්වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment