නාගදීප විහාරය කිව්ව ගමන් අප මතකයට එන්නේ යාපනයේ නාගදීපය...
නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද දිස්ත්‍රික් මහලේකම් කොට්ටාශයේ බදුල්ල බිම්තැන්න කෝරළේ උරනිය ගම්මානය තුළ වැඩි ප්‍රසිද්ධියක් නැති මේ විහාරය ගැනයි අපි කියන්න යන්නේ
මෙම විහාරස්ථානයේ නටබුන් පිහිටා ඇත්තේ රිදීමාලියද්දෙ හි නාගදීප ජලාශයට යාබදවයි.
ජනප්‍රවාදයන්ට අනුව මෙම ප්‍රදේශය පුරාණ කාලයේ නාග ගෝත්‍රිකයන් විසින් ජනාවාස කරගෙන තිබූ අතර ඒ හේතුවෙන් නාගදීප ලෙස හැඳින්වා තිබෙනවාලූ...
1968 දී ඉදිකරන ලද උරනිය ජලාශය, නාගදීප වැව ලෙසද හැඳින්වෙනවා...
මෙම වාරිමාර්ග යෝජනා ක්‍රමයත් සමඟ නාගදීප විහාර භූමියෙන් වැඩි ප්‍රමාණයක් නාගදීප වැවේ ජලකඳට යටවී ඇති අතර එහි ගවේෂණය නොකළ නටබුන් ද තවමත් පවතිනවා...
අදටත් මහියංගන නාගදීපයේ නටබුන් පිළිබඳව නිසි පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කර නැහැ...
එහි ඉතිහාසය තවමත් නොදන්නා නමුත් ජනප්‍රවාදයන්ට අනුව මෙම විහාරස්ථානය දුටුගැමුණු රජුගේ පාලන සමය දක්වා දිව යනවා...
එහිදී දුටුගැමුණු කුමාරයා මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටි බව කියැවෙනවා...
මෙහි අවට ඔහුගේ හමුදාවන්ට පුහුණු භූමියක් වූ අතර එළාර සමඟ යුද්ධයට යාමට පෙර ඔහු මෙම විහාරයට භාරයක් කළ බව ජනප්‍රවාදයේ කියැවෙනවා..
මෙම භූමියේ ඇති කුඩා ස්ථූපය දුටුගැමුණු රජු විසින් ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙනවා...
මෙම ස්ථූපයට ඉහළින් දැවැන්ත ස්ථූපයක් ඇති අතර එය දැන් පස් කන්දක් ලෙස ශේෂ වී පෙනේ...
විහාර භූමියෙන් සෙල්ලිපි කිහිපයක් ද තියෙනවා...
ඇතැමුන් කියනවා මේහි යම් අත්භූත බලවේග තියෙනවා කියලා..
ඔයකිව්වට ඒ ගැන නම් අපි හරියටම දන්නේ නෑ..
ගොඩක් අය මේ තැන් ගැන දන්නේ නෑ ඉතින් ඔයාලත් මහියංගන පැත්තේ ගියොත් මේ විහාරය වැදපුදා ගන්න අමතක කරන්න එපා..
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රිදීමාලියද්ද නාගදීප විහාරය සංරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා...
මේ හෙල පුණ්‍ය භූමියේ ඇති පුරාවිද්‍යා ස්ථානයන් රැකගැනීම මේ මහපොලොවේ ඉපදුන අපේ වගකීමක්
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
0 comments:
Post a Comment