Mage Getath Uda Song Lyrics - මගේ ගෙටත් උඩ ගීතයේ පද පෙළ

Mage Getath Uda Song Lyrics - මගේ ගෙටත් උඩ ගීතයේ පද පෙළ
Song Title : Mage Getath Uda (මගේ ගෙටත් උඩ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැළුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ
ජීවිතයට ඔබ අළුතින් එක් වී
මා ජීවත් කර සතුට ගෙනා වූ
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)

කිළිටි මගේ අත ඔබට සුදුසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුදු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)
ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා (ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment