Ma Komalawathi Song Lyrics - මා කොමලවතී ගීතයේ පද පෙළ

Ma Komalawathi Song Lyrics - මා කොමලවතී ගීතයේ පද පෙළ

Ma Komalawathi Song Lyrics - මා කොමලවතී ගීතයේ පද පෙළ
Song Title : Ma Komalawathi (මා කොමලවතී)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද  : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි.


මා කොමලවතී
මා ආලවතී
මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ //

ගිනි කුකුළු මුඩිය ලෙසට පිපුණු කොණ්ඩ කුඩිච්ච
නයි පෙනය වැනිය කම්මුල් දෙක හැඩට පිපිච්ච
ප්‍රේමිය ප්‍රිය සෝබනා //
ගිනි කුකුළු මුඩිය ලෙසට පිපුණු කොණ්ඩ කුඩිච්ච
නයි පෙනය වැනිය කම්මුල් දෙක හැඩට පිපිච්ච

ළැමේ ප්‍රේම සාගරේ පීනයි තාරාවෝ
බඳේ ආල ගමනටා කපුටන් ගී කීවෝ
පෙමා දෑසෙ දර්ශනේ
පෙමා දෑසෙ දර්ශනේ
ඉතා රෑට නිලට පේන බළල් ඇස් දෙකක් වගේ

මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

මා කොමලවතී
මා ආලවතී
මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

දහ
දා
දහ දහ
ඉඳා ඉඳා
දා දා දින්තා දින් දා දින්තා
තැති ගෙන තා
තැති ගෙන තා

කිරි කවඩි කූඩ පොළොවෙ ගසනු වාගෙ කටහඬේ
ගෙයි මුල්ලෙ තියෙන කුල්ල වැනිය සියොලඟේ හැඩේ
ප්‍රේමිය පිය සෝබනා //

කිරි කවඩි කූඩ පොළොවෙ ගසනු වාගෙ කටහඬේ
ගෙයි මුල්ලෙ තියෙන කුල්ල වැනිය සියොලඟේ හැඩේ
අනේ යන්ටෙපා ප්‍රියේ මග‍ෙ හර්දය කඩලා
පියඹාල අරගෙන ප්‍රිය රූබර කොමලා
හිතේ දහිරි අරගෙන
හිතේ දහිරි අරගෙන
බොලේ සුබ නැකතයි දෙවි පිහිටයි
ගියොත් හනිකට

මගේ රූපෙට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපෙට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

මා කොමලවතී
මා ආලවතී
මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ
මගේ රූපේට ආශාවී සෝබනා
මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment