කොස් ඇට කළු පොල් මාළුව හදමු 😋😋 (Kos Ata)

කොස් ඇට කළු පොල් මාළුව හදමු 😋😋 (Kos Ata) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳට මෝරපු කොස් ඇට (ග්රෑම් 500)
  • ගා ගත් පොල් අඬු කෝප්ප 1
  • කැකුළු හාල් ස්වල්පයක්  (මේස හැඳි 4 ක්)
  • මිටිකිරි කෝප්ප 2 1/2 ක්
  • දියකිරි කෝප්ප 2 ක්
  • බැදපු දුරුකුඩු මේස හැඳි 2 ක්
  • බැදපු මිරිස් කුඩු 2 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1 ක්
  • කොත්තමල්ලි තේ හැඳි 1 1/2
  • අබ තේ හැඳි 1/2
  • උළු හාල් තේ හැඳි 1/2
  • සූදුරු තේ හැඳි 1
  • රතුළූණු 10 ක්
  • සුදුළූණු 5 ක්
  • අමු මිරිස් කරල්  4 - 5 ක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • උම්බලකඩ මේස හැඳි 1ක්
  • සියඹලා පොඩ්ඩක් (ඇට 5 ක් වගේ)
  • තක්කාලි ගෙඩියක් 
  • ලුණු,කුරුදු පොතු,රම්පෙ,කරපිංචා,කරාබුනැටි 
  • එනසාල්,සේර පොඩි කෑල්ලක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ කොස් ඇට හොඳට සෝදා පොතුත් එක්ක තම්බා ගෙන පොඩ්ඩක් තලා ගන්න. ඒත් පොතත් ඉවත් කරන්න එපා.
  2. ♦️ කබලක් ලිප තබා (මතකනේ මම කිව්වෙ කලින් දවසක් මාතර අපි කබල කියන්නෙ සමහර දේවල් බඳින්න,පුළුස්සා ගන්න අපි වෙනම ඇතිලියක් තියාගෙන ඉන්නව.අන්න ඒකට) හාල් මිට හොදට බැද ගන්න හැබැයි කලු වෙන්න පුච්ච ගන්න නම් එපා.පසුව පොල් ටිකත් හොඳට බැද ගන්න. පොල් වල තෙත ඉවත් වෙලා හොඳට බැදෙන්න ඕන.ඉන්පසු බැද ගනිපු හාල් ටික සහ පොල් ටික හොඳට අඹර ගන්න.(මම නම් මිරිස් ගලේ තමයි අඹරන්නෙ)බ්ලෙන්ඩරයකට දාල කරත් හරි.ඊළඟට මේ පේස්ට් එක ගුලියක් වගේ හදාගෙන මැදින් පොඩ් සිදුරක් හදල ඒකට මිටි කිරි පොඩ්ඩක් පුරවල පසෙකින් තබන්න.
  3. ♦️ දැන් තම්බා ගනිපු කොස් ඇට ට්කට බැදපු දුරු, මිරිස්, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ, ලුණු, උම්බලකඩ හා තක්කාලි දමා එයට අපි හදා ගත් මිශ්‍රණය දමා හොඳින් අත ගා විනාඩි 15 ක් පමණ තියන්න.
  4. ♦️ ඉන්පසු දියකිරි දමා ළිප තබන්න. එය තැම්බී ගෙන එන විට මිටිකිරි එක්කර පිස ගන්න.පසුව ලුණු පදම බලා මදි පාඩු එක් කරන්න.
  5. ♦️ මේක ඕන නම් තෙම්පරාදු කර ගන්න පුළුවන්.එතකොට රස වැඩියි.
  6. ♦️ එහෙනම් තාච්චියක් ලිප තබා පොල් තෙල් ස්වල්පයක් දාමා රත් වෙන විට එයට හීනියට කපා ගත් රතු ළූණු ගෙඩියක්, කරපිංචා කොල කිහිපයක්, තලා ගත් සුදු ළූණු ගෙඩියක් දමා හොඳට බැඳ ගෙන කොස් ඇට කළු පොල් මාළුවට එක් කර හොඳට කවලම් කරන්න. හදල බලන්නකො රස කොහොමද කියලා 😋 😋 😋
♦️ මේව තමයි අපේ පාරම්පරික රසවත් අපිටම ආවේණික කෑම වර්ග.ඔය නිවාඩු දවසක් ආවම හදල බලන්නකො මේ වගෙ දෙයක්.ටිකක් මහන්සි වෙන්න උනා කියල ගනන් ගන්න එපා.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කොස් ඇට කළු පොල් මාළුව හදමු 😋😋 (Kos Ata) - Your Choice Way

කොස් ඇට කළු පොල් මාළුව හදමු 😋😋 (Kos Ata) - Your Choice Way

කොස් ඇට කළු පොල් මාළුව හදමු 😋😋 (Kos Ata) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment