Song Title : Kandulu Mal Pipuna Da (කදුළු මල් පිපුන දා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ශාන්ත දේශබන්දු
තනුව : ඩී.ඩී. ගුණසේන
කදුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා //
කලක් පපුවේ රැඳී
ආත්මය උමතු වී
නිමක් නැති ප්‍රේමයේ
සොහොන් කොත පාමුලේ
පරාජිත වී හැඬූ
කදුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා
වෛරයක් නෑ හිතේ
ආදරේ නාමයෙන්
මතුව ඉපැදෙන භවේ
මෙහෙම දුක් නොවේවා
නිවන් දකිනා තුරා
කදුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා //
0 comments:
Post a Comment