- හීන් කැකිරි (Melothria maderaspatana)
- කවුඩු කැකිරි (Solena amplexicaulis)
- කොමඩු කැකිරි (Citrullus lanatus)
🌿 ඉහත කී ප්‍රධාන විශේෂවලට හේන් කැකිරි, ගොන් කැකිරි හා කෙම් කැකිරි යනාදී තවත් වර්ග ඇතුළත්ය.
🌿 කැකිරි ආධාරකයක් දිගේ උඩට නගින හෝ බිම දිගේ දුවන අඩි 8-10 ක් පමණ දිග වාර්ෂික ශාක වේ.
🌿 ඉතා ඉක්මනින් වැඩේ.
🌿 කැකිරි ශාකයේ කඳ කුහර සහිතය.
🌿 කඳන්වල හා පත්‍රවල රළු බූව ඇත. පත්‍ර විශාලය. ඒකාන්තරය.
🌿 කැකිරි පුෂ්ප තැඹ්ලි පාටට හුරු කහ පාටය. ඒකලිංගිකය. පූමාංගී හා ජායාංගී පුෂ්පයන් එකම ශාකයේ ඇත.
🌿 ඵලය මාංසල බදරියකි. ඵලයේ මතුපිට කහ කොළ ආදී වර්ණවලින් හෝ තීරු හා කහ ඉරි සේ වැටුණ වයිරම්වලින් යුක්තය.
🌿 මේ කැකිරි වර්ග අතුරින් කොමඩු කැකිරි ඉතා රසවත් ජනප්‍රිය පළතුරකි.
🌿 කැකිරි Cucurbitaceae කුලයට අයත්ය.
ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත ග්‍රන්ථවල කැකිරි “කර්කට“, “ඒර්වාරු“, “ඌර්වාරු“ ආදී නම්වලින් හඳුන්වා ඇත.
🌿 කැකිරි මධුර හා මඳ අම්ල රසින් යුතුය. කැකිරි පිත සමනය කරයි. සෙම හා වාතය වර්ධනය කරයි. සිරුරේ දාහය සහ පිපාසය සංසිඳුවයි.
🌿 මුත්‍ර වැඩි කරයි.
🌿 සෙංගමාලය සුව කිරීමට අගනා ඖෂධයකි. පීනස, ඇඳුම හා කැස්ස යන රෝගවලට අහිතකරය.
🌿 මුත්‍ර ගල්, මුත්‍ර දැව්ල්ල සහ මුත්‍ර අඩස්සිය ආදී රෝගවලට අගනා ප්‍රතිකාරයකි.
🌿 කැකිරි ඇට රෝග කීපයකට යොදන ඖෂධවලට එක් කෙරේ.
🌿 අශ්මරී හෙවත් මුත්‍රාශයේ හා වකුගඩුවල හටගන්නා ගල් දිය කිරීමේ විශ්මයජනක හැකියාවක් කැකිරිවල ඇත.
“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයා රූ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment