ඉතිහාසයේ ධනවත්ම මුහුදු කොල්ලකරු - හෙන්රි එවරි (Henry Avery)

ඉතිහාසයේ ධනවත්ම මුහුදු කොල්ලකරු - හෙන්රි එවරි (Henry Avery) - Your Choice Way

හෙන්රි එවරි යනු මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසයේ බිහි වු වඩාත් සාර්ථකම කොල්ලකරුවන්ගෙන් කෙනෙකි. එකල සිටි කොල්ලකරුවන් ඔහුව මුහුදු කොල්ලකරුවන්ගේ රජු ලෙසට හැඳින්වූ අතර වාර්තාගත ඉතිහාසයේ පොහොසත්ම මුහුදු කොල්ලකරු ලෙසද මොහු හැඳින්වේ. බ්ලැක්බියර්ඩ් වැනි අති දරුණු කොල්ලකරුවන් පවා මුහුදු කොල්ලකරුවකු බවට පත් වී ඇත්තේ මොහුගේ කතා වලින් ලද ආශ්වාදය නිසා යැයි කියැවේ.

1659 එංගලන්තයේදී උපත ලැබූ හෙන්රි තරුණ වියේ සිටම නැවියෙකු ලෙස කටයුතු කරන ලදී. ඔහුගේ මුහුදු කොල්ලකාර දිවිය ආරම්භ වීමට පෙර ඔහු විසින් 'චාර්ල්ස් II' නම්  ස්පාඥ යුධ නැවක සේවය කර ඇතැයි කියැවේ. නමුත් කෙටි කලකින් ඔහුගේ දිවිය වෙනස් වූයේ ඔහු සහ සෙසු නාවික කාර්ය මණ්ඩලය නිසි ආකාරයෙන් වැටුප් නොලැබීම නිසා නැව තුළ කැරැල්ලක් ගැසීමත් සමගය. කැරැල්ල සාර්ථක වූ අතර නැවෙහි පාලනය කැරලිකරුවන් අතට පත් විය. ඊට අමතරව නැවියන් හෙන්රි ඔවුන්ගේ නව කපිතාන්වරයා ලෙස තෝරාගත් අතර සොරකම් කළ නැව ෆැන්සි ලෙස නම් කරන ලදී.

එමෙන්ම අප්‍රිකාවේ බෙනින් වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු තීරයේදී කොල්ලකරුවන් නැවේ ඉහළ කොටස් කිහිපයක් ඉවත් කර එම නෞකාව අත්ලාන්තික් සාගරයේ වේගවත්ම නෞකාවක් බවට පත් කරන ලදී. ඔවුන් යළි ඉන්දියානු සාගරයට යන අතරමගදී වරින් වර හමු වන ගමන් කරන නැව් වලට පහරදී එහි සිටි මිනිසුන්ද තම කාර්යමණ්ඩලයට බඳවා ගන්නා ලදී. අවසානයේ හෙන්රිගේ කාර්යමණ්ඩලය 150ක් දක්වා වර්ධනය විය.

1695 දී ෆැන්සි රතු මුහුද හා ඉන්දියන් සාගරය සම්බන්ධ කරන බාබ්-එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියට ළඟා විය. ඔවුන් සමඟ තවත් මුහුදු කොල්ලකරුවන්ගේ නැව් පහක් සම්බන්ධ විය. හෙන්රි මෙම මුහුදු කොල්ලකාර බලකායේ අද්මිරාල් ලෙස පත් කරගන්නා ලදී. ඉන් අනතුරුව ඔවුන් ඉවසීමෙන් බලා සිටියහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ ග්‍රෑන්ඩ් මොගුල්ගේ නැව් සමූහයයි. ඔවුන් වාර්ෂිකව මක්කම බලා වන්දනා ගමනක් යන අතර, යළි ඉන්දියාව බලා ආපසු ඔවුන් යන ගමනේදී පහර දීම කොල්ලකරුවන්ගේ සැලැස්ම විය.

මොගුල්ගේ නැව් 25 කින් යුත් යාත්‍රා කිහිපය මුහුදු කොල්ලකරුවන් මඟ හැරීමට උත්සාහ කළේ වේගයෙන් විසිරී යාත්‍රා කිරීමෙනි. මුහුදු කොල්ලකරුවන්ගේ බලඇණියේද බොහෝ යාත්‍රා ලුහුබැඳීමේදී ඉතා මන්දගාමී විය. එහෙත් ෆැන්සි නෞකාව ඒ සියල්ලට වඩා වේගවත් විය. ඔවුන් එක් නෞකාවක් අල්ලා ගත් අතර කෙටි සටනකින් පසු මොගල් නැව සහ යුරෝ 50,000ක (එකල වටිනාකම අනුව) වස්තුවක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ. නමුත් කොල්ලය සියලු මුහුදු කොල්ලකරුවන් අතර බෙදීමට සිදු විය. එයින් අදහස් වන්නේ සෑම මිනිසෙකුටම සුළු මුදලක් ලැබුණු බවයි.

මේ නිසා ප්‍රධාන නෞකාව හඹා යාමට හෙන්රි තීරණය කරන ලදී. ගං-ඉ-සඩායි ලෙස හැඳින්වූ ඒ අතිවිශාල ප්‍රධාන නෞකාව කාලතුවක්කු අසූවකින් සන්නද්ධ වූ අතර ආයුධ සහිත ආරක්ෂකයින් හාරසියකින් සමන්විත විය. එහි මගීන්ද හයසීයක් පමණ සිට ඇත. එහෙත් ෆැන්සි සතුව තිබුණේ කාලතුවක්කු 46 ක් පමණි. කෙසේ වෙතත් මෙවර වාසනාව හෙන්රිගේ පැත්තේ විය. ෆැන්සි වෙතින් එල්ල වූ පළමු වෙඩි පහරින්ම මොගුල් නෞකාවේ ප්‍රධාන බලකොටුව විනාශ වී ගිය අතර යට තට්ටුව ගිනි ගැනීම ආරම්භ විය.

ගිනි ගන්නා නැවට හෙන්රි ඇතුළු පිරිස වහා ඇතුළු වූ අතර පැය තුනක දරුණු සටනකින් පසු මුහුදු කොල්ලකරුවන් නැව අල්ලා ගැනීමට සමත් විය. මුහුදු කොල්ලකරුවන් ඉන්දීය කාන්තාවන් දූෂණය කිරීමටත්, මගීන් ඝාතනය කිරීමට හා වධ හිංසා කිරීමටත් පටන් ගත්හ. මගීන් තම වස්තුව සඟවා ඇත්තේ කොහේදැයි සොයා ගැනීමට මුහුදු කොල්ලකරුවන් ඔවුනට විවිධ වධහිංසා පමුණුවන ලදී.

හෙන්රි ඇතුළු ඔහුගේ කොල්ලකරුවන් යුරෝ 600,000 ක වස්තුවක් ලබා ගැනීමට හැකි වූ අතර එහි අද වටිනාකම ඩොලර් මිලියන 400 කට සමාන වේ. මෙහි රන් හා රිදී කාසි 500,000 කින් සහ වටිනා මැණික් ගල් වලින් සමන්විත විය. මෙයත් සමග හෙන්රි ඉතිහාසයේ සිටි ධනවත්ම මුහුදු කොල්ලකරුවෙකු බවට පත් විය. 

හෙන්රි තම කාර්ය මණ්ඩලයේ සෑම මුහුදු කොල්ලකරුවෙකුටම යුරෝ 1000 ක මුදලක් ලබා දුන් අතර එහි අද වටිනාකම ඩොලර් 100.000ක් පමණ වේ. එය අවංක නෑවියෙකු තම ජීවිත කාලය පුරා මහන්සි වී සොයා ගත හැකි මුදලට වඩා වැඩි ගණනක් විය. ඔවුන් සෑම කෙනෙක්ම තම කොල්ලයෙන් කුඩා කොටසක් වහලුන් අනූවක් මිල දී ගැනීමට භාවිතා කළ අතර අනවශ්‍ය අවධානයට ලක්වන ඉන්දියානු කාසි වෙනුවට වහලුන් හරහා තම ගෙවීම් සිදු කළහ. මෙය වූ කලී ඉතිහාසයේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ පැරණිතම උදාහරණයක් වේ.

ක්‍රි.ව.1700 දී පමණ මොගුල් අධිරාජ්‍යය සමස්ත ඉන්දියානු උපමහාද්වීපයෙන්ම සමන්විත වූ අතර ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 25% ක කොටසකට හිමි ලොව විශාලතම ආර්ථිකය විය.  එකල මොගුල්ගේ ආර්ථිකය චීනයේ හෝ යුරෝපයේ ආර්ථිකයට වඩා විශාල විය. බ්‍රිතාන්‍ය මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් මක්කම බලා වන්දනා ගමනක් ගොස් ආපසු පැම්නෙමින් සිටි නෞකා වලට පහරදීම සහ මුස්ලිම් කාන්තාවන් දූෂණය කිරීම අසා මොගුල් අධිරාජ්‍යයා දැඩි ලෙස කෝපයට පත් කළේය.

මින් පළිගැනීමක් ලෙස මොගුල් පාලකයා ඉන්දියාවේ සියලුම බ්‍රිතාන්‍ය වරායන් අවහිර කරමින් කියා සිටියේ හෙන්රි ප්‍රමුඛ කොල්ලකරුවන් සොයා ගන්නා තුරු ඒවා නැවත විවෘත නොකරන බවයි. එයත් සමගම මෙය ලොව පළමු ගෝලීය පුද්ගල දඩයම (Manhunt) බවට පත් විය. නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හෙන්රිගේ හිසට යුරෝ 1000 ක ත්‍යාගයක් පිරිනැමීය.  ඒ කාලය තුළ එය අතිවිශාල මුදලක් විය.

කෙසේ වෙතත් හෙන්රි කිසිවෙකුට සොයාගත නොහැකි විය. අවුරුදු දෙකක මුහුදු කොල්ලකාර දිවියෙන් පසු ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය බහමාස් බලා යාත්‍රා කළ බව කියැවේ. බලධාරීන්ට කිසි දිනෙක ඔවුන් සොයා ගැනීමට නොහැකි විය.  ඔහු සහ ඔහුගේ ඇතිවිශාල ධනයද ඒත් සමගම  අතුරුදහන් විය. හෙන්රි වෙනත් නමකින්  එංගලන්තයට ආපසු ගොස් සාමකාමීව මිය ගිය බව කියැවේ.

ඉතිහාසයේ ධනවත්ම මුහුදු කොල්ලකරු - හෙන්රි එවරි (Henry Avery) - Your Choice Way
හෙන්රි එවරි අල්ලා දෙන පුද්ගලයෙක් වෙත ත්‍යාගයක් ලබා දෙනා බව නිවේදනය කරන නිල ලේඛනය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාසයේ ධනවත්ම මුහුදු කොල්ලකරු - හෙන්රි එවරි (Henry Avery) ඉතිහාසයේ ධනවත්ම මුහුදු කොල්ලකරු - හෙන්රි එවරි (Henry Avery) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2022 Rating: 5

0 comments:

Post a Comment