- කිරි පිටි කෝප්ප 1 1/2
- පාන් පිටි මේස හැඳි 4
- බේකින් පවුඩර් තේ හැඳි 1
- දියකර ගත් කිරි පිටි මේස හැඳි 4
- රුලං මේස හැඳි 2
- බටර් තේ හැදි 1
- බැදීමට පොල් තෙල්
සීනි ශිරප් එක සඳහා
- සීනි කෝප්ප 3
- වතුර කෝප්ප 3
- රෝස වතුර මේස හැඳි 2
- එනසල් 4
- දෙහි යුෂ මේස හැඳි 2
✅ සාදා ගන්නා ආකාරය :
- ♦️ මුලින්ම රුලං මේස හැඳි 2 පොඩි කප් එකකට දාල එය වැහෙන්න වතුර දාල පෙඟෙන්න තියන්න.
- ♦️ දැන් අපි සුගර් ශිරප් එක හදා ගනිමු. සිනි කෝප්ප 3 ට වතුර කෝප්ප 3 ක් දමා හොදින් උණු කරන්න.ඒකට කුරුදු පොතු කෑලි 2 හා අනිවාර්යයෙන්ම රෝස් වෝටර් ටිකකුත් එකතු කරන්න ඕන.මොකද අපි හදන ගුලාබ් ජමුන් එකටම ආවේණික උන විශ්මිත සුවදක් එනව මේ දෙයින්.මේ සුගර් ශිරප් එක ගොඩක් උකු වෙනකන් උණු කරන්න එපා. හැබැයි මතක ඇතුව ලිපෙන් බාපු ගමන්ම ඒකට දෙහි යුෂ පොඩ්ඩක් දාන්න අමතක කරන්න එපා. නැත්නම් සීනි ශිරප් එක කැටි ගැහේවි.දැන් මේක පැත්තකින් තියන්න.
- ♦️ දැන් බෝල් එකක් අරන් ඒකට කිරි පිටි,පාන් පිටි,රුලං ටික දමා ගන්න.බේකින් පවුඩර් තේ හැන්දත් ඒකට හලා ගන්න.දැන් මේක දියකර ගත් කිරි පිටි තේ හැන්දක් බැඟින් වරකට දමා අනන්න.මතක තියා ගන්න කිරි එකපාර දාල දියාරු කර ගන්න එපා.එහෙම උනොත් වැඩක් නැති වෙනව. අතේ ඇලෙනව වගේ වෙද්දි බටර් පොඩ්ඩක් දාල අනන්න.මේක ගොඩාක්ම සොෆ්ට් මිශ්‍රණයක්.පදමට අනාගත් පසු කිචන් ටවල් එකකින් විනාඩි 15 ක් 20 ක් වහල තියන්න.
- ♦️ දැන් මේ මිශ්‍රණයෙන් පොඩ්ඩ පොඩ්ඩ අරන් ජිල් බෝල ප්‍රමාණයට බෝල හදා ගන්න. මිශ්‍රණය හරිම ඉක්මනට වේලෙන නිසා බෝල හදද්දි පැලුම් පාරවල් මතු වෙනවා.එතකොට කිරි දියර ටිකක් අතේ තවර ගෙන බෝල හදන්න.එතකොට හරි යනවා. මම ඉතින් මේ කියන්නෙ අත්දැකීම් එක්කනේ..
- ♦️ හරි දන් අපි බෝල ටික හදා ගෙන ඉවරයි. දැන් තාච්චියක් ලිප තියා තෙල් දාන්න.ගුලාබ් ජමුන් බදින්න ඕන ගැඹුරු තෙලේ.ඒ කියන්නෙ මේ බෝල වැහෙන්න තෙල් ඕන.හැබැයි ගින්දර නම් වැඩි කර ගන්න එපා.මද ගින්නෙ ඕන මේව බැද ගන්න.සාමාන්‍යයෙන් එක සෙට් එකක් බැදෙන්න විනාඩි 10 ක් වගේ යනවා. ලස්සනට රන්වන් පාටට එන්න ඕන.
- ♦️ බැදල ඉවර උනාට පස්සෙ මේ ගුලාබ් ජමුන් සේරම කලින් හදා ගනිපු සීනි ශිරප් එකට දාල ඒක ලිප උඩ තියල ගිනදර මධ්‍යම ප්‍රමාණයට ගන්න.විනාඩි 3 ක් වගේ තියන්න.එතකොට අපි හදපු ගුලාබ් ජමුන් වලට ඉක්මනට පැණි උරා ගන්නව.ඔයාලට ඕන නම් මේ රසම රස ගුලාබ් ජමුන් උණුවෙන්ම කන්නත් පුළුවන්.
♦️ මම නම් හොඳට නිවෙනකන් ඉඳල පැය හතරක් වගේ ෆ්‍රිජ් එකේ තියල තමයි කෑවෙ.එතකොට තවත් රසයි.
♦️ ඔයාලට ඕන නම් මේ ගුලාබ් ජමුන් සීනි ශිරප් එකට දාන්න කලින් පොඩි ටූත් පික් එකක් අරන් සිදුරු කරල සීනි ශිරප් එකට දාන්න පුළුවන්. එතකොට තවත් ඉක්මනින් පැණි උරා ගන්නව මේ ගුලාබ් වලට.
♦️ ඇත්තටම මේකට එකතු කරපු රෝස් වෝටර් නිසා අමුතුම සුවදක් ඇවිත්. කන්න කන්න ආස හිතෙනවා.
♦️ දැන් හරියට ගුලාබ් ජමුන් හදන හැටි දන්නවනේ. ඉතින් ඔයාලත් නිවාඩු දවසක මේ රසවත් ගුලාබ් හදල හොඳට ඉඟුරු දාපු කහට කෝප්පක් එක්ක රස බලන්නකෝ.
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා.
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸
✍️ ගයාන් විදාන පතිරණ
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.
0 comments:
Post a Comment