කාරය ලන්වනවාත් සමග ඇය අත දිගු කලත් මොහු නතර නොකර චුට්ටක් ඉස්සරහට ගියා. නැවත ඔහු කල්පනා කර පවුනේ මේ වෙලාවේ කෙල්ලෙක් තනියම තියලා යන එක හරි නැ මන් දාන් යනවා කියලා හිතලා රිවස් කරන් ඇවිත් ඔයා මොකද මේ වෙලාවේ? කොහෙද යන්නේ? දැන් රැ 12ටත් කිට්ටුයිනේ නන්ගි කියලා. මට බස් එක මගහැරැනා අයියේ. හා නන්ගි නගින්ඩ කීවාම ඇය පිටිපස්සෙන් නැග්ගා. ඔහොම ඉතින් යන අතරතුර උපාලි නිකමට කන්නාඩියෙන් ඇය දිහා බැලුවා. ඒත් ඇය නැ. ඉබේටම ඔහුට බ්‍රේක් එක පැගුනා. එතකොට හැරිලා බැලුවම ඇය ඉන්නවා.
තිගැස්මක් ඇති වුනත් එතරම් බය වුනේ නැ. මොකද බීලත් එක්කනේ ඉන්නේ මගේ හිත වෙන්ඩ ඇති කියලා හිතලා ටිකක් දුර යන විට ඇය ඔතනින් මාව දාලා යන්න අයියේ කිව්වා. ඔයා මේ හරියෙද ඉන්නේ? ඇය මුකුත් නොකියා කාර් එකෙන් බැස ගියා. උපාලිද කාර් එකෙන් බැස බැලුවත් ඇය නැ. ඔහුට එවිට වෙරිත් සිදි හැකි ඉක්මනින් කාර් එක පදවගෙන වේගයෙන්ම හොස්පිටල් එකට ගිහින් අම්මාව බැලුවා. එවිට දොස්තරලා ඇවිත් අම්මට තියෙන ලෙඩේ ගැන විස්තර කලා. නමුත් උපාලිගේ සිතේ වැඩ කරේ අර සිද්දියයි. දොස්තරලා මොනාද කිව්වේ කියලාවත් ඔහු දන් නැ. දවස් 2ක් විතර හොස්පිටල් එකේ අම්මව තියන්ඩ ඕනා නිසා ඔහු එදා රැ හොස්පිටල් එකේ ඉදලා පහුවදා උදේම තිස්සගේ ගෙදර ගිහින් අර සිද්දිය කියලා මට දැන් එතනට ගිහින් බලන්ඩ ඕනා උඹත් වරෙන් දැන් යමු කියලා ඒ කෙල්ල බැහැපු තැනටම ගියා. මේ දෙපැත්තේම කැලේනේ බන් ඔහේ ඇති කෙල්ලෙක් නැ බන්. ඈතින් පොඩි ගෙයක් පෙනුනා උපාලිට දෙන්නම ගොස් කතා කරා එවිට සීයා කෙනෙක් ඇවිත් මොකද දරුවෝ කියලා අහලා. රැ මාත් එක්ක කෙල්ලෙක් ආවා ඒ කෙල්ල මෙතනින් බැස්සා එයාගේ ගෙවල් දන්නවද? අයියෝ මහත්තයත් එක්කත් ඒ ගැහැනු දරුවා ආවාද? මහත්තයෝ බය වෙන්ඩ එපා.
ඒ ගැහැනු දරුවා මීට අවුරුදු ගානකට ඉස්සර ඔය කැලේ දූශනය කරලා මරලා දාලා තිබුනේ. එය ඇසු විගසම උපාලි හා තිස්ස විමතියෙන් මූනට මූන බලා ගත් අතර උපාලිගේ ඇස් දෙක උඩ ගිහින් ඉහින් කනින් දාඩිය වැගිරෙන්නට විය.
0 comments:
Post a Comment