Galana Diya Ali Song Lyrics - ගලන දිය ඇලි ගීතයේ පද පෙළ

Galana Diya Ali Song Lyrics - ගලන දිය ඇලි ගීතයේ පද පෙළ
Song Title : Galana Diya Ali (ගලන දිය ඇලි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්.එම්.ටී. බණ්ඩාර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන //

තලාවේ වැලි තලාවේ
වලාවේ සුදු වලාවේ //
නීල තරු පොපියන වෙලාවේ
ඇඳෙයි රුව සිසි කලාවේ

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන //

නිසංසල වැලි තලාවේ
සුළං රැල්ලේ තුරු ලතාවේ
ගීත නද වෑහෙන වෙලාවේ
ඇඳෙයි රුව හද සරාවේ

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment