නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall)

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ නිදහස සිහිපත් වෙන්න හදපු තැන ගැන

නිදහස සිහිගන්වමින් ඉදිකෙරුණු නිදහස් අනුස්මරණ ශාලාව එසේත් නැත්නම් නිදහස් චතුරස්‍රය අද දිනයේ අපේ කතාව...

නිදහස සිහිගන්වන අද දිනයටත් වෙනත් විශේෂ උත්ස. වලටත් එය භාවිත කරනවා...

1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනාගැනීම නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ දීර්ඝ සහ ආකර්ෂණීය ඉතිහාසය සංකේතවත් කෙරෙන අනුස්මරණ ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට එවකට පැවති රජය තීරණය කර තියෙනවා..

මේ අදහස මුලින්ම ඇවිල්ලා තියෙන්නේ නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාටයි..

1949 පෙබරවාරි 4 වැනි දින එනම් දෙවැනි නිදහස් සැමරුම් උළෙලේදී නිදහස් මන්දිරය සඳහා මුල්ගල තැබුණි.

මහනුවර මඟුල් මඩුවේ ආකෘතියට සමාන, තේජවන්ත පෙනුමැති ගොඩනැඟිල්ලක් සැලසුම් කර තිබෙනවා ඒ සදහා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් 08 දෙනෙක් සභාගී වී තිබෙනවා..

යෝජිත නිදහස් අනුස්මරණ ශාලාවේ වැඩ කටයුතු සිදුකරන අතරවාරයේ ඩී. එස්. සේනානායක මහතා අශ්වයෙකුගේ පිටින් ඇද වැටී මරණයට පත් වූ නිසා ඉදිකිරීම් කටයුතු නතර වෙලා තියෙනවා...

මෙරට අගමැති පුටුවට පත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එහි ඉතිරි වැඩ නිමකර, 1957 පෙබරවාරි 4 වැනි දින පැවත්වූ නිදහස් උළෙලේදී මෙය විවෘත කරලා තියෙනවා..

මේ ගොඩනැඟිල්ලේ ආසන 400කට අධික සංඛ්‍යාවක් පැනවීමේ හැකියාව සහ විවෘත භූමියේ 25000 ක් පමණ වූ ජනතාවට රැස්ව සිටීමේ ඉඩකඩ ද සහිතව ඉදිකර තිබෙනවා...

ගොඩනැඟිල්ලට අවතීර්ණවීමට කොරවක්ගල්වලින් යුක්ත පියගැට පේළි යුගලයක් තනා තියෙනවා...

මන්දිරය වටා ඇති සතර දිශාව වෙත නෙත් යොමු වූ සිංහ රූප තුළින් ශ්‍රී ලාංකික ජනයාගේ අභිමානය සංකේතවත් කරනවා...

ඔබත් ඕන තරම් මෙතනින් යනවා ඇති ඒත් ඒ දේවල් ගැන අවධානෙන් බලලා නැතුව ඇති නේද?

නිදහස් මන්දිරයේ ඇති කැටයම් කළු ගලෙන් නිමවා ඇති අතර විජයාවතරණයේ සිට ඇරඹි සිංහලයාගේ ඉතිහාසය විදහා දක්වන විවිධ සිද්ධීන් පිළිබඳ චිත්‍ර මෙහි ඇතුළත බිත්ති නිරූපණය කරනවා....

1983 අප්‍රේල් මස 20 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව නිදහස් මන්දිර ගොඩනැඟිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පවරාදී තිබෙනවා...

නිදහස් අනුස්මරණ කෞතුකාගාරයද කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ නිදහස් මන්දිර බිම් මහලේ පිහිටා තියෙනවා ගොඩක් දෙනෙක් ඒක ගැන දන්නේ නෑ.. ඒ බිම්මහල හැමවෙලාවෙම විවෘතත් නැහැ..

නමුත් ඒක බලන්න වටින තැනක්..

මුළු මහත් ලෝකයේම ගෞරවාදයට පාත්‍රවන ජාතික ස්මාරකයක් වන නිදහස් මන්දිරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දිනපතා මෙම ස්ථානයට ඇදී එනවා...

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏🏻

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way

නිදහස් දවසේ - නිදහස් අනුස්මරණ ශාලාව 🏛🏛🎆 (Free Memorial Hall) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment