Song Title : Diya Pita Enda (දිය පිට ඇන්දා)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
දිය පිට ඇන්දා ආදර සිතුවම්
කල්ප විනාශය තෙක් පවතින්නට
වෙරළේ ලිව්වා දහසක් පෙම් කවි
ඉර හඳ පායන තෙක් නොමැකෙන්නට
ලොවම අසිරිමත් වී නෙත් පියවී
අන්ධ වුණා මා අන්ධ වුණා
සුමියුරු ගීයෙන් දෙසවන් සිරවී
බිහිරි වුණා මා බිහිරි වුණා
දිය පිට ඇන්දා ආදර සිතුවම්
කල්ප විනාශය තෙක් පවතින්නට
වෙරළේ ලිව්වා දහසක් පෙම් කවි
ඉර හඳ පායන තෙක් නොමැකෙන්නට
අනියත කිසිවක් නොදිටිමි ලොව තුල
පාරාදීසෙක මා සිටියේ
නටබුන්වත් නෑ රුසිරු සිහිනයේ
දූලි වලා සේ බිඳී ගියේ
දිය පිට ඇන්දා ආදර සිතුවම්
කල්ප විනාශය තෙක් පවතින්නට
වෙරළේ ලිව්වා දහසක් පෙම් කවි
ඉර හඳ පායන තෙක් නොමැකෙන්නට
0 comments:
Post a Comment