Song Title : Danno Budunge (දන්නෝ බුදුන්ගේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : නීතිඥ ජෝන් ද සිල්වා
තනුව : විශ්වනාත් ලව්ජි
සිරි සඟබෝ (1903) නෘත්‍යයෙන්
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා //
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ //
රහතුන් නිවසනා පාය ප්‍රකාශේ //
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ //
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ //
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ //
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී //
සේරූ පන්තී පන්තී පීනති බෝසේ //
අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ //
0 comments:
Post a Comment