Song Title : Budu Hamuduruwo Apith Dakinnathi (බුදු හාමුදුරුවො අපිත් දකින්නැති)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ //
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ //
අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ ///
0 comments:
Post a Comment