Song Title : Ayata Pamani Mama Adare (ඇයට පමණි මම ආදරේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
ඇයගේ ඇකයෙහි
ඔබ හිස රඳවා
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල
නිදි වැරු තොල් මල
දසැඟිලි තුඩු අග
පිබිදුණු රනහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ
ඇගේ සුරත ගෙන
පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව
ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට
පෙම් කරණා බව
ඇය මුමුණන සඳ
ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
0 comments:
Post a Comment