Song Title : Arunu Rasak Rasak Rasak (අරුණු රැසක් රැසක් රැසක්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්.එම්.ටී. බණ්ඩාර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුනා උදාවුනා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුනා
දසත පිබිදුනා
කුසුම් රොන් බරින් සැරසී
තුරු ලතා තුලින් ඉපිලී //
රජත කිරණ ධාරාවෙන්
සිනා මවනවා
සිනා මවනවා
අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුනා උදාවුනා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුනා
දසත පිබිදුනා
සාර බිමක්
සාර දැයක්
සාර හාර නිධානයක් //
ඔබේ රුවන් රැස් අතරේ
රැඳී දිළෙනවා
රැඳී දිළෙනවා
අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුනා උදාවුනා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුනා
දසත පිබිදුනා
තේජ වීර ගුණ වගුරා
පොළෝ තලය පණ ගන්වා //
නවෝදයේ රන් මාවත
ළඟා කරණවා
ළඟා කරණවා
අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුනා උදාවුනා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුනා
දසත පිබිදුනා //
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුනා
දසත පිබිදුනා ////
0 comments:
Post a Comment