Song Title : Ambiliyo Ambiliyo (අම්බිලියෝ අම්බිලියෝ)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : මහගම සේකර
තනුව හා සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්
අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ
වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සීන ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ
පුතුට ගෙනාවෝ
වලා පෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ
0 comments:
Post a Comment