කැස්ත්‍රෝ විශාල ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූයේ සීතල යුද්ධ සමයේදීය. විශේෂයෙන් කියුබානු මිසයිල අර්බුදය හා සම්බන්ධ සිද්ධීන් වලදීය. කොමියුනිස්ට්වාදියෙකු ලෙස ඔහු සීතල යුද්ධය පැවති සමයේ සෝවියට් දේශයට සමීපව කටයුතු කළ නමුත් ඔහු කිසි විටෙකත් කිසිවෙකු විශ්වාස කළේ නැත. මේ හේතුව නිසා සීඅයිඒ සංවිධානය ඇතුළු විවිධ සංවිධාන මගින් ඔහුව ඝාතනය කිරීමට විශාල වශයෙන් උත්සාහයන් දරා ඇත.
කැස්ත්‍රෝ යනු වාර්තාගත ඉතිහාසයේ වඩාත්ම දඩයමට ලක්වූ මිනිසා ලෙස සැලකේ. මෙලෙස ඝාතන උත්සාහයන් දැරීමට ප්‍රධානම හේතුව වූයේ ඔහු සිදු කළ පාලනයේ ගැටලුවක් නිසා නොව නායකයකු ලෙස ඔහු තුළ තිබූ චරිතය නිසා යැයි බොහෝ දෙනා විශ්වාස කරයි. මොහු වරක් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී දීර්ඝතම කාලයක් දේශනයක් පවත්වා ඒ සදහා ගිනස් ලෝක වාර්තාව තබා ඇත. 1960 සැප්තැම්බර් 26 වන දින සිදු කළ මේ ඓතිහාසික කතාව පැය 4 යි විනාඩි 29 ක් දිගුවිනි.
මෙයත් සමග ඝාතන ප්‍රයත්නයන්හි ආරම්භය සනිටුහන් වූ අතර ඒවායින් බොහොමයක් සීඅයිඒ සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ ඒවා විය. ශීත යුධ සමයේ කැස්ත්‍රෝගේ ක්‍රියාකලාපයද මෙයට බෙහෙවින් බලපාන ලදී. 1963 නොවැම්බර් 22 වන දින ජෝන් එෆ් කෙනඩි ඝාතනය කිරීමෙන් පසුව තත්ත්වය වඩාත් නරක අතට හැරුණි. එකල සහ තවමත් ඇමරිකාවේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ එම ඝාතනය පිටුපස සිටින්නේද කැස්ත්‍රෝ කියාය. මේ හේතු නිසා ඇමරිකාවට ඔහුව ඉවත් කර දැමීම අත්‍යාවශ්‍ය විය.
කෙසේ වෙතත් 1960 ගණන්වල ඝාතන උත්සාහයන් ආරම්භ කිරීමට පෙර සීඅයිඒ සංවිධානය ලොව පුරා ඔහුගේ කීර්තිනාමය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ගෙන ගිය අතර එමගින් ඔහුට ජනතාවගේ සහාය නොලැබෙනු ඇතැයි විශ්වාස කරන ලදී. වරක් කැස්ත්‍රෝ සහභාගී වීමට නියමිත සජීවී ගුවන්විදුලි සාකච්ඡාවක් පැවති කාමරයක් තුළට ඔවුන් එල්.එස්.ඩී. නම් මත්ද්‍රව්‍ය ඉසිනු ලැබූ අතර එමගින් ඔහු සම්මුඛ සාකච්ඡාව අතරතුර අමුතු ලෙස ක්‍රියාකරනු ඇතැයි සිතිය.
ඉන්පසු ඔවුන් උත්සාහ ගත්තේ කැස්ත්‍රෝගේ රැවුල ඉවත් කිරීමටය. ඒ වන විටත් කියුබාව පුරා ඔහුගේ රැවුල නව ප්‍රවණතාවක් වි තිබූ අතර එය ලොව පුරා ඔහු නියෝජනය කරන පුද්ගලික සන්නාමයක් ලෙසද භාවිතා කළේය. මෙම නිසා සී.අයි.ඒ. සංවිධානයට ඔහුගේ මේ සන්නාමය නැතිකිරීමට අවශ්‍ය විය. එය ඉවත් කිරීම සඳහා බොහෝ දෙනෙක් ඔහුගේ රැවුලට රසායනික ද්‍රව්‍ය ඉසීමට උත්සාහ කළ නමුත් ඒවා සියල්ලම අසාර්ථක විය. අදටද රැවුලක් නොමැතිව කැස්ත්‍රෝගේ ඡායාරූපයක් නොතිබීමට හේතුව එයයි.
වරක් කියුබාවට රිංගා ගත් සීඅයිඒ හි ඒජන්තවරයෙක් මාරාන්තික විෂ අඩංගු පෑනක් කැස්ත්‍රොට ලබා දුන්නේය. එය විවෘත කළ සැනින් විෂ ශරීර ගත වන ආකාරයට එය සකස් කර තිබී ඇත. කෑස්ත්‍රෝගේ වාසනාවකට මෙන් ඔහුට ප්‍රථම ඔහු අසල සිටි අයෙක් පැන විවෘත කර ඇත.
සී.අයි.ඒ. සංවිධානය ඔවුන්ගේ ඝාතන සැලසුම් වලට එකල ලාස් වේගාස් හි වාසය කළ ඉන්ටර්පෝල් හි අපරාධකරුවන් මෙන්ම කැස්ත්‍රෝට එරෙහි කියුබාවෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින්ද යොදා ගත් බව කියැවේ. 1975 දී කැස්ත්‍රෝ සී.අයි.ඒ. සංවිධානයට චෝදනා කරමින් ඔහුගේ වාර්තාගත ඝාතන උත්සාහයන් 24 ක් සහිත ලැයිස්තුවක් ඇමරිකාවට භාරදෙන ලදී.
1979 දී කැස්ත්‍රෝ එක්සත් ජාතීන්ගේ දේශනයක් පැවැත්වීම සඳහා නිව්යෝර්ක් බලා ගිය අවස්ථාවේදී පවා සමහර ඝාතන උත්සාහයන් සිදුවිය. වරක් වාර්තාකරුවෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ විට ඔහුගෙන් කමිසයට යටින් වෙඩි නොවදින කබායක් ඇඳ සිටිනවාදැයි විමසන ලදී. කස්ත්‍රෝ කමිසය යටින් ඔහුගේ හිස් සම පෙන්වූ අතර මම “සදාචාරාත්මක වස්ත්‍රයක්” ඇඳ සිටින බව ප්‍රතිචාර දැක්වීය.
සාරාංශයක් ලෙස ඔහු ඝාතනය කිරීමට සීඅයිඒ සංවිධානය සියලුම උපක්‍රම යොදා තිබුනි. වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර ආහාර ඇතුළු ඔහු භාවිතා කළ පොදු භාණ්ඩ සමහරක් මාරාන්තික උගුල් බවට පත් කිරීමටද කටයුතු කරන ලදී. මීට අමතරව කැස්ත්‍රෝ පිහිනීමට යන ස්ථානයේ සිටින බෙල්ලන්ගේ ඇගේ කුඩා බෝම්බ සවි කිරීමටද ඔවුන් පෙළඹිණි.
වරක් ඔහු පවසා සිටියේ ඝාතන වලින් දිවි ගලවා ගැනීම ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් නම් මම එහි රන් පදක්කම් ලාභියකු කියාය. ෆිදෙල් කැස්ත්‍රෝ අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2016 අප්‍රියෙල් 19 වන දින 7 වන කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසන් වන විට ය. එහිදී ඔහු සිය අවසන් දේශනය පැවැත්වූයේ වයස අවුරුදු 89 දී ය. විශාල ඝාතන ප්‍රයත්නයන්ගෙන් බේරී 2016 නොවැම්බර් 25 වන දින මහලු වියෙන් මිය යාමට කැස්ත්‍රෝ සමත් විය.
0 comments:
Post a Comment