එමෙන්ම සදහන් කළ යුතු අනෙක් කරුණ වන්නේ මෙම භයානක සිදුවීම් මාලාව ක්‍රි.ව.536 සිට ක්‍රි.ව.549 අතර කාලය දක්වා පැවතියද, මෙම අඳුරු කාලපරිච්ඡේදය ඉතිහාසයේ නරකම කාල පරිච්ඡේදය ලෙස නිර්වචනය කරන බොහෝ සාධක ක්‍රි.ව.536 දී ආරම්භ වූ නිසා බොහෝ ඉතිහාසඥයින් එම වර්ෂය ඉතිහාසයේ නරකම වර්ෂය ලෙස හදුන්වනු ලබයි.
විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණයන්ගෙන් කියැවෙන්නේ ක්‍රි.ව.536 යනු පසුගිය වසර 2300 තුළ තිබූ ශීතලම වසර වූ බවයි. මෙම ශීත සෘතුව තුළදී බොහෝ පිරිස් සිය දිවි රැක ගැනීමට මහත් වෙහෙසක් ගත් බවට කියැවේ. එමෙන්ම විද්වතුන් පවසන්නේ එසේ පැවති ශීත සෘතුව නිසා පමණක් එය නරක වසරක් බවට පත් වූවා පමණක් නොව දේශගුණය එසේ හදිසියේම වෙනස් වූ විට බොහෝ අමුතු සිදුවීම් ද සිදු වූ බවයි.
සමහර විද්වතුන් පවසන්නේ මෙම වර්ෂයේ ගිම්හාන කාලයේදී චීනයට අධික හිම පතනයක් සිදු වූ බවයි. එකල චීන ජාතිකයින් මෙම අධික ශිතලට හුරු වූ පිරිසක් නොවූ අතර ඊට අමතරව ඔවුන් මුහුණ දුන් අනෙක් ගැටළුව වුයේ කටුක දේශගුණය හේතුවෙන් බොහෝ භෝග මිය යාමයි. මෙය සිදු වූයේ චීනයේ පමණක් නොව ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවලද මේ ආකාරයේ හිම පතනයක් සිදු විය. විද්‍යාඥයින් මෙයට හේතු ලෙස පවසන්නේ සූර්යයා එම වර්ෂයේ දී එකම මට්ටමේ තාපයක් ලබා නොදීම ඊට හේතුව බවයි.
එමෙන්ම මෙම වර්ෂයේදී දකුණු ඇමරිකාවට මාස තුනක් නොකඩවා අධික වර්ෂාවද ඉන් පසු මාස තුනක් දැඩි නියඟයෙන් පීඩා විඳි බව පැවසේ. මෙය එම මහාද්වීපයේ කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ අතර එමගින් එකල ආර්ථිකයේ ප්‍රධාන ප්‍රභවය විනාශ කිරීම පමණක් නොව මහා සාගතයක් ද ඇති කරනු ලැබීය. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ දේශගුණය තුළ සිදුවූ මේ විශාල වෙනස්කම් නිසා සහ ඇතිවූ මහා සාගත නිසා ලොව පුරා බොහෝ ශිෂ්ඨාචාර බිඳ වැටෙන්නට ඇති බවයි.
මීට අමතරව මෙම කාලය තුල උතුරු අර්ධගෝලයේ ගිනිකඳු පිපිරීම් කිහිපයක් නිසාද විශාල ලෙස මිනිස් ජීවිත වලට බලපෑමක් ඇති කරන ලදී. මෙම ගිනිකදු පිපිරීම් නිසා ඇති වූ විශාල අඳුරු වලාකුළක් හේතුවෙන් සූර්යයාගේ තාපය පෘථිවි භූමියට ළඟා වීමට ඉඩ නොදුන් අතර එම හේතුව නිසා ලෝකයෙන් අඩක් අඳුරේ ගිලී ගිය බවට වාර්තා වේ. අප ඉහතින් සදහන් කළ සීතල කාලගුණය ඇති වීමටද බොහෝ දුරට මෙය බලපාන්නට ඇත.
ස්වාභාවික තාපයක් නොතිබීම සහ ශාක වර්ධනයට අත්‍යවශ්‍ය වූ හිරු එළිය නොමැතිකම හේතුවෙන් කෘෂිකර්මාන්තය බොහෝ ලෙස විනාශ වී යන ලදී. එම කාලය තුළ දිවා රාත්‍රී වෙනසක් නොතිබූ අතර බොහෝ දෙනෙකු අධික ශිතලේ කුසගින්නේ මිය ගොස් ඇත. මෙම මහා අන්ධකාරය මාස 18 ක් පමණ පැවති අතර එබැවින් ක්‍රි.ව.536 වර්ෂයේ වැඩි කාලයක් අදුරේ පැවති බවට විශ්වාස කෙරේ.
මෙම ගිනිකඳු පිපිරීම් මාලාව දේශගුණික විපර්යාස සිදු කරන ප්‍රධාන සාධකයක් වුවද, මෙම පිපිරීම් ප්‍රධාන වශයෙන් සිදු වූයේ ලෝකයේ උතුරු අර්ධගෝලයේ ය. එහෙත් ලෝකයේ අනෙක් අර්ධයේ ද අමුතු දේශගුණික තත්ත්වයක් ඇති වීමට හේතුව තවමත් පැහැදිලි නැත.
එමෙන්ම ක්‍රි.ව.541 දී ආරම්භ වී ක්‍රි.ව.549 දක්වා පැවති මහාමාරිය වසංගතය පිළිබඳවද මෙහිදී සදහන් කළ යුතුය. මෙම වසංගතය හටගත්තේ යර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාව නිසා වන අතර එය මීයන්ගෙන් සම්ප්‍රේෂණය විය. වසරකටත් අඩු කාලයකදී මෙය යුරෝපය, ආසියාව, උතුරු අප්‍රිකාව සහ ඈත පෙරදිග බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි ලොව පුරා ව්‍යාප්ත විය. වසංගතය සිදුවූ වසර නවය තුළ ලෝක ජනගහනයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අතුගා දැමූ බව විද්‍යායින් විසින් තක්සේරු කර ඇත.
ක්‍රි.ව.536 සිට ක්‍රි.ව.549 දක්වා වූ කාලය ඉතිහාසයේ තිබූ නරකම කාල පරිච්ඡේදය යැයි අපට උපකල්පනය කළ හැකිය. මන්දයත් ලෝක ව්‍යාප්ත සාගතයක් සහ වෙනත් සිදුවීම් හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට වඩා එම කාලය තුළ මිය යාමයි.
මෙය ඇත්ත වශයෙන්ම මිනිස් ඉතිහාසයේ නරකම වසර හෝ කාල පරිච්ඡේදය යැයි ඔබ සිතනවාද? නැතහොත් මෙයටත් වඩා තවත් ඇදුරු කාල පරිච්ඡේදයක් පිළිබඳව ඔබට අදහසක් පවතීද?
0 comments:
Post a Comment