හිජාබ් ! ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලෝකයම කතා කරන වස්ත්‍රයක් බවට පත්ව අවසන්ය. එකී කතා කිරීමම ලෝකයා ඒ ගැන නෙත් හැර බැලීමෙන් නොනැවතී එය ගත වටා සැරසීමටද පෙළඹී තිබේ. එසේ ඇදී පැලදී අයගේ ජීවන අත්දැකීම් http://worldhijabday.com/ තුලින් ඔබටත් කියවීමට අවස්ථාව ඇත.
මේ ලොව නිදහස් ඇදුමක් පවතී නම් ඒ උපන් ඇදුමය. ඉතින් කාන්තාවගේ නිදහස ගැන සිතු "ඒ එදා මේ අද" යයි කියූ සමාජය අපේ කාන්තාවට නිදහස හිමි කර දෙන්නට යන්නේ උපන් ඇදුම පළදවන්නට කටයුතු කිරීමෙනි. එලෙසින් ඔව්න්ට නිදහස හිමි කර දෙද්දී දෑසේ සහ හැගීම්වල නිදහස ඉල්ලා ඕනෙම කාන්තාවගේ පතිවතට හිමිකම් කියන්නට පොර බැදු තරුණයාට අපේ සමාජය ලබා දුන් අයිතිවාසිකම පරම භුක්තියේ අයිතිවාසිකමයි.
අවසානයේ කවුරුත් නොදුටු අපට හිමිවුණු ප්‍රතිපලයන්ද සටහන් කල යුතුමය. තාත්තා නැති දු පුතුන් සමාජයට බිහි වෙද්දී දෙදෙනෙකු සංතෘප්ත කිරීමේ ප්‍රතිපලයට මේ ලොව නොදැක කුස තුලම ගබ්සා වුනු ජීවින් අනන්තය. එසේම දෙවන බුදුන් ලෙස වර්ණනා ලැබූ අම්මා නම් වූ ඒ උතුම් මාතෘ පදවියට උරුමකම් කිව යුතු අපේ කාලයේ පතිනියන්ට උරුම වුයේ වෙනත් නමකි.
එසේම මේ පරම භුක්තියේ අයිතිවාසිකම තුලින් නැගුනු ප්‍රතිපලයන්ට අපේ සමාජය ප්‍රතිකර්ම සැලසු ආකාරයද හරිම අපුරුය. ස්ත්‍රී දුෂණය නැති කිරීම සදහා ලබා දෙන්නට යන ප්‍රතිකර්මය වන්නේ ගබ්සාව නීතිගත කිරීමයි. එයින් සමාජයට දෙන පණිවිඩය "ඕන තරම් කරපල්ලා ඊට පස්සේ ගබ්සා කර ගනිල්ලා" යන්නයි. ඊළගට ස්ත්‍රී දුෂකයාට දැඩි දඩුවම් යයි පවසමින් දෙන අවුරුදු විස්සේ දඩුවම් කියලා වැඩක් නැත. නොමිලේ කා බී නැවත එලියට පැමිණ තවත් පතිවතකට අලගු තබා තවත් අවුරුදු විස්සක් යාම ඔව්න්ට ස්වර්ගයට යාම හා සමානය.
මේවාට වගකිව යුත්තේ කව්රුන්ද? කාන්තාවද? පිරිමියාද? කාන්තාව ඇදී අදුම්ද? පිරිමියාගේ ඇස් දෙකද? නොඑසේනම් ඔහුට ඇති වූ හැගීම්ද? ආගම නිසාවෙන් තමන් ජය ගත යුතු නිසාවෙන් පන්දුව අතිනත මාරු කළා හොදටම ඇති නේද? තිත්ත වූ ඇත්ත තේරුම් ගත්තේ නම් දිනන්නේ තවත් ආගමක් හෝ ජාතියක් නොව මේ ලක්මාතාවගේ අනාගත මාතාවන් බව තේරුම් ගත යුතු නොවේද?
සමාජ විද්‍යාඥයන් සදහන් කර ඇති පරිදි ස්ත්‍රී දුෂණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කාන්තාව අදින්නා වූ අදුම්ය. අනුන්ගේ ඇස්වලටත් අනුන්ගේ හැගීම්වලටත් දොස් නොකියා තමන්ගේ දෑස් විවර කරන්නට තමන්ට හැකි නම්?
එසේ දෑස් විවර කොට දහසකුත් විවේචන තර්ජන ගර්ජන මැද්දේ උඩුගං බලා පිහිනන වස්ත්‍රයක් බවට අද හිජාබය පත්ව ඇත. මගේ නිදහස මාගේ නිදහස යයි පවසමින් ඇය විවර කරගෙන ගියාය. මගේ මාගේ නිදහස යයි පවසමින් ඔහු රස විදගෙන ගියේය. අවසානයේදී කාගේත් නිදහස කාටත් උදහස ගෙන දුන්නේ පතිවතෙහි පමණක් නොව සදාචාරයෙහිද මළගමට යන පාර කපමිනි.
හිජාබය වල් බුරු නිදහසට විරාමය තබා ආරක්ෂාව කැටි කොට දී මාතෘත්වය රැක දුනි. අගමැති වේවා ජනාධිපති වේවා වෙනත් ඇමති වේවා බිරිද නැති වුනත් ආරක්ෂක භටයන් අනිවාර්යයෙන්ම වට කර සිටිය යුතුමය. එසේ නම් එයත් ඔහුගේ නිදහස සීමා කිරීමක්ද? නැත, නිදහසේත් සීමාවක් පැවතිය යුතුය. ආරක්ෂාව ප්‍රමුඛව නිදහස ලැබිය යුතුවා මිස නිදහස ප්‍රමුඛව ලැබෙන ආරක්ෂාවක් නම් නැත. හිජාබය ආරක්ෂාව ප්‍රමුඛව ලබා දෙන නිදහස තුලින් අපේ තරුණියන්ගේ අනාගතය විකසිත කරලමින් ඇත. සදාචාරවත් සමාජයකට අරුණලු මෝදු වෙමින් තිබේ.
අනුන්ගේ ඇස්වලට දොස් නොකියා අනුන්ගේ හැගීම්වලට ඇගිලි දිගු නොකොට පළදින්නාවූ හිජාබය රැක දෙන්නේ තමන්වමය. ඉතින් ද්වේශයෙන් යුතුව අදහස් දැක්වීම පසෙකලා සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමට ලක් කළේ නම් නැවතත් කියන්නෙමු දිනන්නේ ලක් මාතාවන්ය. රැකෙන්නේ විකසිත වන්නට පෙරුම් පුරන්නාවූ මල් කැකුළියන්ය. ගොඩ නැගෙන්නේ අනාචාරවත් අරාජික සමාජයක් නොව සදාචාරවත් සමාජයක්ය. එසේ නොමැතිව තවත් ආගමක් හෝ ජාතියක් මෙහි ජයග්‍රාහකයෙකු වන්නේ නැත.
අද හිජාබ් දිනයයි. දැන ගනිමු, ඉගෙන ගනිමු, වෙනසක් දකිමු. සමාජය වෙනස් කරමු.
...මුහම්මද් නෆ්ලාන්.
0 comments:
Post a Comment