Yakada Dawi Giya Thana Song Lyrics - යකඩ දැවී ගිය තැන ගීතයේ පද පෙළ

Yakada Dawi Giya Thana Song Lyrics - යකඩ දැවී ගිය තැන ගීතයේ පද පෙළ
Song Title : Yakada Dawi Giya Thana (යකඩ දැවී ගිය තැන)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : රෝහණ වීරසිංහ


යකඩ දැවී ගිය තැන ගිනි නිවුන පසූ
පුළුන් තිබේ යැයි කියලා රටක මින් පසු
කුමක් කරම්දැයි සිතනා ..
කුමක් කරම්දැයි සිතනා දනෝ දුක් මුසු
කතා තියති වැලි පාරට ..
බොරලු ගල් වැසූ

දුකින් දොවා ගත් කිරි කළ කිරට හඬනවා
ඒ මත ගොම පිඩක් හෙළා අප හිනැහෙනවා
කිරි කළේම අහක ගියා ...
කිරි කළේම අහක ගියා ගම දුක් වෙනවා
ගමේ පුංචි ළමයි අනේ ..
ඇල් දිය බොනවා

පින් මඳ නෑ සියළු පුත්තු පින්කර ඇත්තෝ
වාසනාව උදුරාගෙන රට ගිය ඇත්තෝ
වරද කාට හරි පවරා ...
වරද කාට හරි පවරා උඩ යන ඇත්තෝ
කරපු විනේ මදි නෑ අපෙ ..
ලොකු ලොකු ඇත්තෝ
කරපු විනේ මදි නෑ අපෙ ..
ලොකු ලොකු ඇත්තෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment