Uthum Mawuni Obage Song Lyrics - උතුම් මවුනි ඔබගේ ගීතයේ පද පෙළ

Uthum Mawuni Obage Song Lyrics - උතුම් මවුනි ඔබගේ ගීතයේ පද පෙළ
Song Title : Uthum Mawuni Obage (උතුම් මවුනි ඔබගේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පද්මකුමාර මෙත්තසේන
තනුව : එඩ්වඩ් ජයකොඩි


උතුම් මවුනි ඔබගේ
පැතුම් පිරුණු රන් හදවත
වසා පැතිර ඇති දුක් ගිනි
මගේ හදේ උදානයයි

වෙසක් සඳක් වාගේ මගෙ
ජීවිතයම එළිය කෙරූ
නිවන් මඟ මගේ දිවියේ
මගෙ ආදර අම්මා

සිතුම් අහිමි රැල්ලක් සේ
නිහඬ නිසල නදියක් සේ //
ගීයක් වී
කවියක් වී
ඔබ මා ළඟ උන්නා
සංසාරේ නවාතැනයි
මගෙ ආදර අම්මා

උතුම් මවුනි ඔබගේ
පැතුම් පිරුණු රන් හදවත
වසා පැතිර ඇති දුක් ගිනි
මගේ හදේ උදානයයි

වෙසක් සඳක් වාගේ මගෙ
ජීවිතයම එළිය කෙරූ
නිවන් මඟ මගේ දිවියේ
මගෙ ආදර අම්මා

පැතුම් පිරුණු මා අබියස
පා පොඩි යට ඔබ සැඟවූ //
ඒ දිවියේ
දිවි ගමනේ
තනිය මකා මා සැනසූ
යශෝරාවයයි ඔබ මට
මගෙ ආදර අම්මා

උතුම් මවුනි ඔබගේ
පැතුම් පිරුණු රන් හදවත
වසා පැතිර ඇති දුක් ගිනි
මගේ හදේ උදානයයි

වෙසක් සඳක් වාගේ මගෙ
ජීවිතයම එළිය කෙරූ
නිවන් මඟ මගේ දිවියේ
මගෙ ආදර අම්මා

මගෙ ආදර අම්මා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment