Song Title : Sarasawi Kandulu (සරසවි කඳුළු)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ගුණදාස කපුගේ
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ගුණදාස කපුගේ
සරසවි කඳුළු පාය
ගුටි කෑ කරුණු බෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුළු මේ තරම්
සටනට පෙරට ආව
සරසවි කඳුළු පෑන
හැදුවේ වීර දූ පුතුන්
සරසවි කඳුළු මාල
සොරකම් කරපු දාය
වෙළුණේ පපුව ගිනි වලින්
ඒකයි කඳුළු මේ තරම්
සරසවි කඳුළු පාය
ගුටි කෑ කරුණු බෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුළු මේ තරම්
සරසවි කඳුළු යාය
ගම් බිම් පැතිර යාය
සටනට කඳුළු බත් බැඳන්
පරහිත තරුණයාය
පෙරමඟ කොඩිය දාය
රට තොට බඳිව් මහ තොරන්
රට තොට බඳිව් මහ තොරන්
සරසවි කඳුළු පාය
ගුටි කෑ කරුණු බෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගනන්
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුළු මේ තරම්
0 comments:
Post a Comment