Song Title : Samanalaya Mala Ha Lamaya Se (සමනළයා මල හා ළමයා සේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //
මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ
මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ
ජීවිතයේ අරුමේ ////
0 comments:
Post a Comment