Rosa Maleka Katu Anuna Song Lyrics - රෝස මලෙක කටු ඇණුනා ගීතයේ පද පෙළ

Rosa Maleka Katu Anuna Song Lyrics - රෝස මලෙක කටු ඇණුනා ගීතයේ පද පෙළ
Song Title : Rosa Maleka Katu Anuna (රෝස මලෙක කටු ඇණුනා)
ගායනය : විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය : සරලා ජීවන්ති ගමගේ
සංගීතය : රෝහණ වීරසිංහ


රෝස මලෙක කටු ඇණුනා
හද පතුලෙන් ලේ ගැලුවා
මගේ පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා //

රෝස මලට නෑ දැනුනේ
මලේ සිනා රැව් නැගුනේ

රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුලක් වැටුනා //
මල් පෙති මත එය රැඳුනා
පිණි බිඳුවක් වි දිලුනා

රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ //

හිරු අවරට ගොස් ගිලුනා
රෝස මලේ පෙති හැලුනා //
හදවත ඉකිබිඳ හැඬුවා
මල මත පරවී වැටුනා

රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම් කල අරුමේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment