Raa Kalu Kadathiraya Ira Song Lyrics - රෑ කළු කඩතිරය ඉරා ගීතයේ පද පෙළ

Raa Kalu Kadathiraya Ira Song Lyrics - රෑ කළු කඩතිරය ඉරා ගීතයේ පද පෙළ
Song Title : Raa Kalu Kadathiraya Ira (රෑ කළු කඩතිරය ඉරා)
ගායනය : යමුනා විනෝදනී
පද : ගාමිණී ගුණරත්න
තනුව : ඩී.ආර්. පීරිස්


රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

කිචිබිචියේ කුරුලු ගීත
තුරුලිය පත් සලන රාව //

ගලන දොලේ ගී නාදය
සවන් යොමා නැළවෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා

තුරු සෙවණක සැඟවීලා
සිසිලස විඳ මඳපවනේ //

දිනෙන් බිඳක් තොලගාමින්
ගිමන් නිවා සැනසෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment