Song Title : Purane Obata Pidu Ale (පුරාණේ ඔබට පිදු ආලේ)
ගායනය : රොහාන් ද සිල්වා
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //
ඔහු පතා සිත සිතා ඔබ
පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම
නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා
අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමි මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී සිත හඬයි රහසේ
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //
0 comments:
Post a Comment