ග්‍රීක පදිංචිකරුවන් විසින් ක්‍රි.පූ. අටවන සියවසේ පොම්පෙයි නගරයේ ජනාවාස පිහිටුවා ගත් අතර නගරය මුලදී ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතුණි. එහෙත් ක්‍රි.පූ. දෙවන සියවස පමණ වන විට එය රෝමයේ බලපෑමට යටත් විය. අවසානයේදී නේපල්ස් බොක්ක රෝමයේ ධනවත් පුද්ගලයින්ගේ නිවාඩු ගත කරන ආකර්ෂනීය ගමනාන්තයක් බවට පත්විය.
ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂයේ ආරම්භය වන විට, විසුවියස් කන්දෙන් සැතපුම් පහක් පමණ දුරින් පිහිටි පොම්පෙයි නගරය රෝමයේ වඩාත් කීර්තිමත් පුරවැසියන් නිවාඩු ගත කිරීමට පැමිණෙන සුන්දර ස්ථානයක් බවට මහත් ජනප්‍රිය විය. අලංකාර නිවාස සහ විචිත්‍රවත් විලා(villa) වලින් පදික වේදිකා පිරී තිබුනි. සංචාරකයින්, නගර වැසියන් සහ වහලුන් කුඩා කර්මාන්තශාලා සහ ශිල්පීන්ගේ සාප්පු, ආපනශාලා සහ කැෆේ සහ ගණිකා නිවාස සහ නානකාමර මෙහි සුලබ විය. මිනිසුන් 20,000 පමණ එකවර අසුන් ගත හැකි ක්‍රීඩාපිටි සහ විවේක සුවයෙන් සිටිය හැකි එළිමහන් චතුරස්‍ර හා විශාල වෙලඳපොලවල් ද මෙහි විය. ක්‍රි.ව.79 හි සිදු වූ එම අවාසනාවන්ත පිපිරුමට ආසන්නව, විද්වතුන් ගණන් බලා ඇති ආකාරයට පොම්පෙයිහි 12,000 ක් පමණ ජනයා සහ අවට කලාපයේ බොහෝ දෙනෙක් වාසය කළහ.
කෙසේ වෙතත් ක්‍රි.ව.63 දී පමණ කැම්පානියා ප්‍රදේශයේ දැවැන්ත භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. ඉන් පසුව ගිනිකන්ද අවට පරිසරය තරමක් උණුසුම් වූ අතර ගම්වැසියන් හා සංචාරකයන් මේ වාෂ්පශීලි නව පරිසරයට තවත් කැමති වුනා. විද්‍යාඥයින් දැන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී සිදුවිය හැකි ව්‍යසනය පිළිබඳ අනතුරු ඇඟවීම් එලෙස භූකම්පනය ක් ලෙස ලැබුණු බවයි. කෙසේ හෝ වේවා මේ කිසිත් නොදත් ජනතාව වැල නොකැඩී සෑම වසරකම නෙපලස් බොක්ක වෙත පැමිණියහ.
එම භූමිකම්පාව සිදු වී වසර 16 කට පසු, එනම් ක්‍රි.ව.79 අගෝස්තු හෝ ඔක්තෝබර් මාසයේ (වඩාත් මෑත සාක්ෂි අනුව පුපුරා යාම ඔක්තෝම්බර් මාසයේදී සිදු වූයේ යැයි සලකයි), විසුවියස් කන්ද පුපුරා යන ලදී. එම පිපිරීම කෙතරම් ප්‍රභාල වීද යත් පිපිරුමත් සමග අළු, සහ වෙනත් පාෂාණ රාශියක් ද, දැවෙන උණුසුම් ගිනිකඳු වායූන් ද අහස උසට විසි වී ගිය අතර සැතපුම් සිය ගණනක් දුරින් සිටි මිනිසුන්ටත් එය දර්ශනය විය.
බොක්ක හරහා මෙම පුපුරා යාම දෙස බලා සිටි ප්ලිනි ද යංගර් නම් ලේඛකයා මෙම අසාමාන්‍ය ප්‍රමාණයෙන් හා පෙනුමෙන් යුත් වලාකුළ "පයින් ගසක්" හා සැසඳුවේය. එනම් කඳක් මත විශාල උසකට නැඟී අතු වලට බෙදී ගිය ආකාරයටය. එම නිසා අද වන විට භූ විද්‍යාඥයින් මෙම ගිනි කන්ද පිපිරීම “ප්ලයිනියානු පිපිරීමක්” ලෙස හඳුන්වයි.
ඉන්පසු තත්ත්වය තවත් භයානක වූ අතර සිහින් අළු කැබලි සහ කුඩා පාෂාණ කැබලි නගරය දෙසට පැමිණියේය. මේ අතරතුර බොහෝ පොම්පේ වැසියන්ට පලා යාමට බොහෝ කාලයක් තිබුණි. කෙසේවෙතත්, නගරය අතහැර නොගිය පිරිසගේ තත්වය ඉක්මනින් නරක අතට හැරුනි. වැඩි වැඩියෙන් අළු පැමිණෙත්ම, එමගින් වාතය අවහිර වී හුස්ම ගැනීමට අපහසුතා ඇති විය. ඉන් පසු සියල්ල වෙනස් විය. මාරයා ඔවුන්ට දී තිබූ කාලය අවසන්ව යන ලදී. පැයට සැතපුම් 100 පමණ වේගයකින් රත් වූ ලාවා, රත් වූ පාෂාණ කන්ද දෙපසින් පහළට පැමිණි අතර අතරමග තිබූ සියල්ල සහ එහි ගමන් කරන සියලු දෙනා ගිල දමන ලදී. මහා ගොඩනැගිලි සියල්ල කඩා වැටෙන ලදී.
පසුදා විසුවියස් පුපුරා යාම අවසන් වන විට පොම්පෙයි නගරය ගිනි කඳු ලාවා ටොන් මිලියන ගණනක් යට වළලනු ලැබීය. පොම්පියානුවන් 2,000 ක් පමණ මිය ගිය අතර පුපුරා යාමෙන් සමස්ත පුද්ගලයින් 16,000 ක් පමණ මිය ගියහ. සමහර අය නැතිවූ නෑදෑයින් හෝ බඩු බාහිරාදිය සොයා නැවත නගරයට පැමිණි නමුත් සොයා ගැනීමට වැඩි යමක් නොතිබිණි. පොම්පෙයි සහ අසල්වැසි නගරයක් වන හර්කියුලේනියම් සහ ප්‍රදේශයේ විලාස් ගණනාවක් සියවස් ගණනාවක් තිස්සේ එලෙස අතහැර දමන ලදී.
0 comments:
Post a Comment