Piyapath Denna Mata Song Lyrics - පියාපත් දෙන්න මට ගීතයේ පද පෙළ

Piyapath Denna Mata Song Lyrics - පියාපත් දෙන්න මට ගීතයේ පද පෙළ
Song Title : Piyapath Denna Mata (පියාපත් දෙන්න මට)
ගායනය : යමුනා විනෝදනී
තනුව : වික්ටර් රත්නායක
ගී පද : දයා ද අල්විස්


පියාපත් දෙන්න මට
ඉගිලෙන්න හිස් අහසෙ
පුබුදන්න දිගු නින්ද
සෙමෙන් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්න
ගලන්නට ජීවිතේ
බලා ඉමි එන තුරා
ඔබ ම වෙත සෙනෙහසින්
පියාපත් දෙන්න මට

දවස පුබුදන හිනා
හෙට දිනේ ලැබේදෝ
ගිම් නිවන පවන් පොද
කඳු මතින් ඇදේදෝ

සිනා පිරි සැඳෑවේ
සුසුම් සුව දැනේදෝ
අදුරු තිර දෙපළු වී
ඔබේ රුව පෙනේදෝ

පියාපත් දෙන්න මට
ඉගිලෙන්න හිස් අහසෙ
පුබුදන්න දිගු නින්ද
සෙමෙන් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්න
ගලන්නට ජීවිතේ
බලා ඉමි එන තුරා
ඔබ ම වෙත සෙනෙහසින්
පියාපත් දෙන්න මට

සතුට පිරි මතකයේ
මිහිර ඉහිරුණු හිතේ
ඔබෙන් සැදි මගෙ ලොවට
අත වනමි අද දිනේ

පුරා හඳ ඇති රැයක්
ලෙස දැනෙයි ජීවිතේ
සුන්දරයි මගේ ලොව
ළඟාවන මතු දිනේ

පියාපත් දෙන්න මට
ඉගිලෙන්න හිස් අහසෙ
පුබුදන්න දිගු නින්ද
සෙමෙන් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්න
ගලන්නට ජීවිතේ
බලා ඉමි එන තුරා
ඔබ ම වෙත සෙනෙහසින්
පියාපත් දෙන්න මට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment