Song Title : Pansale Bo Maluwe (පන්සලේ බෝ මළුවේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනී
පද : සෝමරත්න දිසානායක
තනුව : රෝහණ වීරසිංහ
"සරෝජා" චිත්රපටියේ තේමා ගීයයි
පන්සලේ බෝ මළුවේ සැළෙනා
පල්ලියේ අල්තාරේ දිළෙනා
කෝවිලේ දෙව් රුව ළඟ දැවෙනා
පහන් සිළුවක
පහන් සිළුවක
වෙනස කියන් සබඳේ //
බුදු හිමි අභියස පුදසුන මත පිදෙණා
ගණපති රුව ගෙල මල් දමකට ගෙතෙණා
සමන් කැකුළක
සමන් කැකුළක
සුවඳ එකයි සබඳේ //
එකම සුවඳින් මිහිතලයේ පිපෙණා
එකම කඳුළින් මිහිතලය තෙමණා
එකම මිනිසෙකි
එකම මිනිසෙකි
එකම හද ගැහෙනා ////
0 comments:
Post a Comment