Song Title : Padarthayata Pana Kawa (පදාර්ථයට පණ කවා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : මහාචාර්ය කාලෝ ෆොන්සේකා
තනුව හා සංගීතය : තිස්සසිරි පෙරේරා
පදාර්ථයට පණ කවා
කුසේ සඟවලා
කෙමෙන් පෙමෙන් මා අඹා
ලොවට බිහි කළා //
මගේ මෑණියනේ
දුකින් පිරි ලොවේ
මා නිබඳ දන්නා
නිවන ඔබමැ වේ //
පදාර්ථයට පණ කවා
කුසේ සඟවලා
කෙමෙන් පෙමෙන් මා අඹා
ලොවට බිහි කළා
මාතා යථා
නියං පුත්ථං කියා
මා ගයන ගාථා
ඔබට නිසිමැ වේ
0 comments:
Post a Comment