Song Title : Obata Sitha Adare Karai (ඔබට සිත ආදරේ කරයි)
ගායනය : දයාරත්න පෙරේරා
සංගීතය : චන්දන වැලිකල
ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුන සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි //
ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමැති දෝ මා කෙරේ
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ
නවාතැන් වේ ද මා වෙතේ
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුන සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි
ඔබේ පෙම් ලොල් හදේ නොකැළැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
මසිත සුසුමන් දවා ගියා
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේ ද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ
නවාතැන් වේ ද මා වෙතේ
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුන සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි
0 comments:
Post a Comment