Oba Lamwee Maa Amathana Mohothe Song Lyrics - ඔබ ළංවී මා අමතන මොහොතේ ගීතයේ පද පෙළ

Oba Lamwee Maa Amathana Mohothe Song Lyrics - ඔබ ළංවී මා අමතන මොහොතේ ගීතයේ පද පෙළ

Oba Lamwee Maa Amathana Mohothe Song Lyrics - ඔබ ළංවී මා අමතන මොහොතේ ගීතයේ පද පෙළ
Song Title : Oba Lamwee Maa Amathana Mohothe (ඔබ ළංවී මා අමතන මොහොතේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ යමුනා විනෝදනී
පද : කුසුම් පීරිස්
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ඔබ ළංවී මා අමතන මොහොතේ
හද අවිවෙකයි නෙතට විවේකයි
ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන
ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි

පිබිදුණු දෑසක කඳුළ උපද්දා
පෙම් කළ හිතකට වෛර කලාවද
වෛර කළේ නැත
දුරස් වුණේ නැත
දොඩමළු ලොවකින්
මුවා වුණා මම

ඔබ ළංවී මා අමතන මොහොතේ
හද අවිවෙකයි නෙතට විවේකයි
ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන
ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි

දැනුණාදෝ හද සුසුම් හෙළූ බව
ඇහුණාදෝ සෝ ළතැවුල් ගීතය
දැනුණා ඇසුණා
ආදරයේ හඬ
වසන්තයේ රැඳි
වසත් ගීය ලෙස

වසන්තයේ ආ වසත් ගීය ඔබ
වසත් ගීය රැඳි වසන්තයයි ඔබ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment