Song Title : Oba Awa Sina Pokurak Aran (ඔබ ආවා සිනා පොකුරක් අරන්)
ගායනය : කිත්සිරි ජයසේකර
තනුව : ආනන්ද පෙරේරා
පද : උපුල් ශාන්ත සන්නස්ගල
ඔබ ආවා සිනා පොකුරක් අරන්
සීත සයනයෙ හීන කොදෙව්වට ඔබ ආවා
ඉකි ගසන හිත රිදෙන
නිදි බිඳින රෑ ඔබ ආවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා
මේ සුවඳ මාරුතේ
මම තාම මල් සුවඳ සොයනවා
මේ සුසුම් සීතලේ
උණුහුමක් තවම මම සොයනවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා
කළු අඳුරු ආකහේ
රහස් කොඳුරන අපෙ ආදරේ
ඉකි ගසන මේ රැයේ
ඔබයි සඳමඬල මගෙ ජීවිතේ
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා
ඔබ ආවා සිනා පොකුරක් අරන්
සීත සයනයෙ හීන කොදෙව්වට ඔබ ආවා
ඉකි ගසන හිත රිදෙන
නිදි බිඳින රෑ ඔබ ආවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා
0 comments:
Post a Comment