Miriguwa (Padu Wenne Naa) Song Lyrics - මිරිගුව (පාඩු වෙන්නෙ නෑ) ගීතයේ පද පෙළ

Miriguwa (Padu Wenne Naa) Song Lyrics - මිරිගුව (පාඩු වෙන්නෙ නෑ) ගීතයේ පද පෙළ
Song Title : Miriguwa (Padu Wenne Naa) (මිරිගුව - පාඩු වෙන්නෙ නෑ)
Performed by  Evill Zy & Buddi K
Mix &  Master : @DILU Beats 
Video Produced by  SNV Production
Written by  Kavindu Viduranaga(Evill Zy) & Buddhika Sampath(Buddi K)
Hair : Salon Seek(Ranga)
Costume Sponsored By Doggy Brand & Cloudly Mens Fashion


පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී 
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී

විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රූපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි 
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප තමයි ජීවිතේම මත්වෙලා ඉද්දි

මුල ඇරඹුමයි මේක දිග කතාවක් 
හීන දැක්කෙ අතේ දුරින් දහස් වතාවක්
හොඳ උන් ලඟින් අඳුර ගත්තෙ සතාවත් 
දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක්

මිනිසුන් කෘරයි සිතුවිල්ලෙන් අන්දයි 
නොදැනම හද පවසන්නෙ හේතුව කිම්දැයි 
අමතක මතකයන් හිත රිද්දයි 
වැටි පසු පසට නැගිට්ටෙ ඒ හින්දයි

හීන පස්සෙ දිව්වෙ තාමත් නෑ හති 
දැනුනෙ නෑ කවදාවත් දැන්නම් මේක ඇති 
ගෙවී ගියත් එක දෙක දින සති
හැම දේම අවසානෙ දුක උරුම දේකි

පසු පසින් ආපු ගැරහිලි එමටයි 
මං ලඟින් යන හීයෙ තාමත් පැටලෙන්නෙ කුමටයි 
නැන්දෙ මම රැවටුනෙ නුඹෙ දුවටයි 
ආලයක් මැද්දෙ තමත් කොල්ලනම් නිහඬයි 

පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී 
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී

විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි 
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප තමයි ජීවිතේම මත්වෙලා ඉද්දි 

තන්හා රතී රඟා කියලා පටන් ගත්තෙ කියවන්න 
වන්චා දුර්ගෙ නැති කරන් අපි මේකෙ නැගිටින්න 
තිබ්බ හීන හැබෑ වෙන්න නෑනේ අද බාර වෙන්නෙ 
ආසාවෙන් හීන පසු පස මම දිව යන්නෙ

වින්ද ජීවිතේ විඳවපු දුක් නම් මාරයි 
අත දෙන්න කියලා ආපු යාලුවො හිත පාරයි
නරියට උනත් මිදි තිත්ත එක පාරයි 
දැන් මිරිගුවක් පස්සෙ දිව්වා උබලා පරාදයි

යන්නෙ කවුරුත් පිටිප්ස්සෙන් සුදු මූනක් වගේ පෙන්නං 
මම යන්නෙ මගෙ පැත්තෙන් තිස්ස රජු වගේ පන්නං
අත දුන්නෑ කවුරුත් මට බං අද මේකෙන් නැගිටින්නම්
යටින් ඇද්ද කාටත් පේන්න නර වලෙන් ගොඩ එන්නම්

හීන තිබ්බා හැබෑ උන්නෑ ඒක තමයි මේකෙ වෙච්ච
ඉබ්බ එක්ක උනේ හාවා නිදා ගත්ත නිසා ඇත්ත 
කාලකන්නි ජීවිතේමේ කාපු කට්ට ඉවර නැද්ද 
මගේ ගමන වලක් වන්න උබලා මේකෙ සිල් අරන්ද

පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී 
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී

විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි 
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප තමයි ජීවිතේම මත්වෙලා ඉද්දි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment