Mini Mini Poda Watewi Song Lyrics - මිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළ

Mini Mini Poda Watewi Song Lyrics - මිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළ
Song Title : Mini Mini Poda Watewi (මිණි මිණි පොද වැටේවි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : කරුණාරත්න විජේවර්ධන


මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම් //

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම් //

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment