Song Title : Medda Mandala Kimbulwathpura (මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර)
ගායනය : නාලිනී රණසිංහ
පද : වල්ගම සෝමතිලක
තනුව : නාලිනී රණසිංහ
මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර බිහිවුණ බෝසතුන්
යුද්ධ නොකරම මාර සේනා පරදවා බුදු වුණි එදා
කප් රුකක් බඳු පැතුම් වැස්සෙන් සියලු සත සනසන ලෙසින්

සුවාසූ දහසක් දහම් කඳ දෙසා වදහළ මංගලම්
මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර බිහිවුණ බෝසතුන්
යුද්ධ නොකරම මාර සේනා පරදවා බුදු වුණි එදා
දුකට මුළ හා දුක නසන හැටි සොයාගත් බුදු පියාණෝ

එවන් මග ඵල ලොවට දෙනුවස් මහා සඟ පරපුර සැදූවෝ
මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර බිහිවුණ බෝසතුන්
යුද්ධ නොකරම මාර සේනා පරදවා බුදු වුණි එදා
0 comments:
Post a Comment