Song Title : Me Ira Handa Yata Hamu Wee (මේ ඉර හඳ යට හමු වී)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : එච්. ආර්. චූලසිංහ
ගී පද : රඹුකන සිද්ධාර්ත හිමි
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ
මේ ඉර හඳ යට හමු වී
අද නුඹ කොතනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ
මේ ඉර හඳ යට හමු වී
දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුලක් ඉතිරිවෙලා
මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ
මේ ඉර හඳ යට හමු වී
0 comments:
Post a Comment