Mage Sitha Thanpathya Song Lyrics - මගේ සිත තැන්පත්ය ගීතයේ පද පෙළ

Mage Sitha Thanpathya Song Lyrics - මගේ සිත තැන්පත්ය ගීතයේ පද පෙළ
Song Title : Mage Sitha Thanpathya (මගේ සිත තැන්පත්ය)
ගායනය : නාලිනී රණසිංහ
පද : සමරවීර වීරවන්නි
තනුව : ආනන්ද ජයසිංහ


මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

ආදරය කරුණාව දයා උතුරා ගලන

මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත ‍රැඳී

ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

පරිසරය මා රකී රකිමි මම පරිසරය

ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි

වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment