නමුත් අප්‍රිකාවේ යුරෝපීය අධිරාජ්‍යවාදයේ උච්චතම අවස්ථාවේදී බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජු අතිශය කුරිරු ලෙස තම පෞද්ගලික අධිරාජ්‍යයක් අප්‍රිකාවේ කොංගෝවේ පවත්වාගෙන යන ලදී. එම අපරාධ බොහෝ ඒවා විසිවන සියවසේ බිහි වූ ඒකාධිපතියන් සිදු කළ අපරාධ වලටත් වඩා දරුණු ඒවා බවටයි සදහන් වන්නේ.
II වන ලියෝපෝල්ඩ්ගේ කොංගෝව පාලනය කිරීම හිට්ලර්ගේ පාලනයට බෙහෙවින් සමාන එකක් විය. ඔහු විශාල ඝාතන සහ අපරාධ රාශියක් සිදු කර තිබුණද බොහෝ පිරිසක් ඔහු ගැන අසා නැත්තේ ඇයි? අද අපි ඔහුගේ පාලනය පිළිබද අවධානය යොමු කරමු.
මෙම අධිරාජ්‍යය කොංගෝ නිදහස් රාජ්‍යය ලෙස හැඳින්වූ අතර දෙවන ලියෝපෝල්ඩ් එහි වහල් ස්වාමියා ලෙස හැඳින්වීය. වසර 30 කට ආසන්න කාලයක්, යුරෝපීයන් පාලනය කළ දකුණු අප්‍රිකාව හෝ ස්පාඥ ජාතිකයින් සහරාව පාලනය කළාක් මෙන් යුරෝපීය රජයක නිත්‍ය යටත් විජිතයක් මෙන් නොව, ඔහු කොංගෝව පාලනය කළේ ඔහුගේ පෞද්ගලික පොහොසත් වීම සඳහා මෙම පුද්ගලයාගේ පෞද්ගලික දේපලක් ලෙසය.
මෙය ලෝකයේ විශාලතම පෞද්ගලික වතුයාය වූ අතර එය බෙල්ජියමට වඩා 76 ගුණයකින් විශාල විය. එමෙන්ම එය පොහොසත් ඛනිජ හා කෘෂිකාර්මික සම්පත් වලින් ගහන විය.1924 දී පළමු සංගණනය එහි සිදු කරන විට එහි ජනගහනයෙන් අඩක් පමණ මියගොස් ඇති බව වාර්තා විය.
දෙවන ලියෝපෝල්ඩ්ගේ තරුණ අවධියේදී ඔහු අනාගත සමූහ මිනීමරුවෙකු වේ යැයි කිසිවෙකු සිතුවේ නැත. 1835 දී බෙල්ජියමේ සිංහාසනයේ උරුමක්කාරයා ලෙස උපත ලැබූ ඔහු, කොංගෝවේ පාලකයා වීමට පෙර යුරෝපීය කුමාරයෙකු විසින් කළ හැකි සියලු දේ කරමින් සිය කාලය ගත කළේය. අසුන් පැදීම සහ වෙඩි තැබීමට ඉගෙනීම, රාජ්‍ය උත්සවවලට සහභාගී වීම, හමුදාවට පත් වීම, ඔස්ට්‍රියානු කුමරියක හා විවාහ වීම ආදී සියල්ල ඔහු සිදු කරන ලදී.
1865 දී දෙවන ලියෝපෝල්ඩ් සිංහාසනය හිමි කර ගත් අතර, පසුගිය දශක කිහිපය තුළ රට තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රීයකරණය කළ බහුවිධ විප්ලව හා ප්‍රතිසංස්කරණ හේතුවෙන් බෙල්ජියානුවන් තම රජුගෙන් අපේක්ෂා කළ ආකාරයේ හොඳ පාලනයක් ඔහු මුලින් කරගෙන යන ලදී. ඇත්ත වශයෙන්ම, තරුණ ලියෝපෝල්ඩ් රජතුමා සෙනෙට් සභාවට බලපෑම් කළේ බෙල්ජියම අනෙක් සියලු විශාල රටවල් මෙන් විදේශීය අධිරාජ්‍යයක් ගොඩනැගීම සඳහා ඔහුගේ නිරන්තර උත්සාහය තුළ පමණි.
ඉන් පසුව ඔහුගේ අපේක්ෂාව වූයේ අනෙක් බලවත් රටවල් මෙන් විදේශ රටවල් යටත් කරගෙන ඒවායෙන් ලැබෙන ආදායමෙන් ධනවත් වීමටය. ක්‍රමයෙන් ඔහුගේ ඒ ආශාව උමතුවක් බවට පත් විය. පළමුව 1866 දී ඔහු ස්පාඥයේ දෙවන ඉසබෙලා රැජිනගෙන් පිලිපීනය ලබා ගැනීමට සාකච්ඡා කළේය. කෙසේ වෙතත්, 1868 දී ඉසබෙලා රැජින බලයෙන් පහ කරන විට ඔහුගේ සාකච්ඡා බිඳ වැටුණි. ඉන් අනතුරුව ඔහුගේ අවධානය යොමු වූයේ අප්‍රිකාව දෙසටය.
මේ වන විට අප්‍රිකානු භූමිය ලබා ගැනීම සදහා යුරෝපීය රටවල් අතර විශාල තරඟයක් පැවතුණි. 1885දී ඔවුන් අප්‍රිකානු භූමිය කොටස් වලට බෙදා වෙන් කරගෙන ඒවායේ පාලනය ලබා ගැනීමට තීරණය කරන ලදී. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දෙවන ලියෝපෝල්ඩ් අප්‍රිකානුවන්ගේ ජීවිත වැඩිදියුණු කරන මානුෂීය හා පරාර්ථකාමී මෙහෙවරක් සිදු කරන බවට පොරොන්දු වී අප්‍රිකානු භූමියෙන් කොටසක් ඉල්ලා සිටියහ. එයට පිළිතුරු ලෙස බර්ලින් සමුළුවට එක්රැස් වූ යුරෝපීය නායකයින් ඔහුට කැමති පරිදි ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබූ පුද්ගලික ජනපදයක් නිර්මාණය කිරීම සඳහා වර්ග සැතපුම් 770,000 භූමියක් ඔහුට අප්‍රිකාවෙන් ලබා දෙන ලදී. ඔහු එය හැඳින්වූයේ "කොංගෝ නිදහස් රාජ්‍යය" යනුවෙනි.
ඉන් අනතුරුව ඒ ඇදුරු යුගය උදා විය. රබර්, ඇත්දළ සහ ඛනිජ වර්ග වගා කිරීමට හා වෙළඳාම් කිරීමට බලහත්කාරයෙන් ශ්‍රමය මත යැපෙන කුරිරු, සූරාකෑමේ පාලන තන්ත්‍රයක් බවට එය ඉක්මණින් පත්විය. රබර් වගා කිරීම සදහා ඔහු විශාල ලෙස වනාන්තර එළි කළ අතර ඊට අමතර දළ ලබා ගැනීම සදහා විශාල වශයෙන් අලි ඇතුන් මරා දමනා ලදී. ඊට අමතරව ඔහු විශාල ලෙස මිනිසුන් ඝාතනය කළ අතර ඒවා බොහොමයක් ඉතා අමානුෂික විය.
බෙල්ජියම් රජය මෙම “මානුෂීය” ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය II වන ලියෝපෝල්ඩ්ට ලබා දුන්නේය. ඔහු එම ණය ගෙවීමෙන් පසු ලාභයෙන් සියයට සියයක්ම කෙළින්ම ඔහු තබා ගත් අතර කිසිවක් රජයට ලබා දුන්නේ නැත. මෙය බෙල්ජියම් ජනපදයක් නොවීය. මෙය එක් මිනිසෙකුට අයත් වූ අතර, ඔහුට හැකි සෑම විටම ඔහුගේ කොංගෝ වේ සම්පත් වලින් සෑම බිංදුවක්ම මිරිකා ලබා ගැනීමට ඔහු අධිෂඨාන කරගෙන සිටියේය.
පොදුවේ ගත් කල, යටත් විජිතවාදීන්ගේ පාලනය, අත්පත් කර ගැනීම සහ පවත්වා ගැනීම සඳහා යටත් විජිතවාදීන් යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් යොදා ගත යුතු අතර, භූමියේ ඇති සම්පත් සූරාකෑමේ විධිවිධාන, යටත් විජිත පාලකයින්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා වඩාත් ප්‍රචණ්ඩකාරී විය යුතුය. එහෙත් කොංගෝ නිදහස් රාජ්‍යය පැවති වසර 25 තුළ එය යුරෝපයේ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් පවා බිය ගැන්වූ කෘරත්වයක් පෙන්වන ලදී.
දෙවන ලියෝපෝල්ඩ් රජු තම කුලී හේවායන් ෆෝර්ස් පබ්ලික් නමින් හදුන්වන කණ්ඩායමක් ලෙස ප්‍රතිසංවිධානය කර යටත් විජිතය හරහා ඔහුගේ කැමැත්ත බලාත්මක කිරීමට ඔවුන්ව යොමු කළේය. සෑම දිස්ත්‍රික්කයකම ඇත්දළ, රත්‍රන්, දියමන්ති, රබර් සහ වෙනත් ඕනෑම දෙයක් නිෂ්පාදනය කිරීම සඳහා භූමි ප්‍රමාණයක් වෙන් කර තිබුණි. දෙවන ලියෝපෝල්ඩ් ආණ්ඩුකාරවරුන් තෝරා පත් කර ගත් අතර, ඒ සෑම කෙනෙකුම ඔවුන්ගේ ප්‍රදේශ වල ඒකාධිපති බලතල ලබා දුන්නේය. සෑම නිලධාරියෙකුටම මුළුමනින්ම කොමිස් මුදල් ගෙවන ලද අතර, එමඟින් ඔහුගේ උපරිමයෙන් ශ්‍රමය කොල්ලකෑමට විශාල දිරිගැන්වීමක් ලැබුණි.
ආණ්ඩුකාරවරු ස්වදේශික කොංගෝ වැසියන් විශාල සංඛ්‍යාවක් කෘෂිකාර්මික ශ්‍රමය සඳහා යොදවා ගත්හ. ඊට අමතරව ඔවුන් භූගතව බලහත්කාරයෙන් පතල්වල වැඩට පත් කළ අතර ගණන් කිරීමට නොහැකි සංඛ්‍යාවක් පතල් තුළ මරණයට පත්විය. ඊට අමතරව මොවුන් දස දහස් ගණන් දළ ඇතුන් වෙඩි තබා ඝාතනය කරන ලදී. දෙවන ලියෝපෝල්ඩ්ගේ පාලන සමයේදී, කොංගෝවේ වන සතුන් විශාල ලෙස විනෝදයට ද ඝාතනය කිරීමට ඉඩ සලසා දෙන ලදී. ඕනෑම දඩයම්කරුවෙකුට ඉතා සුළු මුදලක් ගෙවා දඩයම් බලපත්‍රයක් ලබා ගැනීමට හැකි විය.
මීට අමතරව රබර් වගාවන්හිද දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. මෙම වතු නඩත්තු කිරීම සඳහා විශාල වැඩ කොටසක් කිරීමට අවශ්‍ය වූ අතර, පැරණි වැසි වනාන්තරයක වාණිජ පරිමාණයෙන් රබර් ගස් සැබවින්ම වර්ධනය විය නොහැක. එම නිසා මේවා නඩත්තුවට විශාල මුදලක් හා කාලයක් ගත විය. මීට පිළියමක් ලෙස ඔවුන් සිදු කළේ කැලෑ වල රබර් වවනවා වෙනුවට ගම්මාන වල රබර් වැවීමය. මේ නිසා එම අසරණ ගම් වැසියන්ට ඔවුන්ගේ නිවාස සහ ඉඩම් සියල්ල අහිමි විය. ඊට අමතරව යටත් විජිත පරිපාලකයින් විසින් අනාථ දරුවන් පැහැරගෙන ගොස් "ළමා ජනපද" ලෙස හැඳින්වූ කදවුරු වලට දමන ලදී. ඔවුන් කොටසක් වැඩ කිරීමට යොදවන ලද අතර ඉතිරි කොටස ළමා සොල්දාදුවන් ලෙස පුහුණු කරන ලදී. වාර්තා වලට අනුව මෙම කඳවුරේ සිටි ලමුන්ගෙන් 50%ක් පමණ මිය ගොස් ඇත. එමෙන්ම ඔහු අප්‍රිකානු කෞතුකාගාරක් ටර්වෙරන් හි පිහිටි ඔහුගේ මාළිගාවේ පිට්ටනියේ ඉදිකරන ලද අතර සත්වයන්ට අමතරව කොංගෝ වැසියන් 267 දෙනෙකු ප්‍රදර්ශන කුටි තුළ ප්‍රදර්ශනයට සිට තිබේ.
කොංගෝවේ අධිපතීන්ගේ කෑදරකමට කිසිදු සීමාවක් නොතිබිනි. මීට වසර 400 කට පෙර ක්‍රිස්ටෝපර් කොලම්බස් හිස්පැනියෝලා හි සිදු කළ ආකාරයටම, දෙවන ලියෝපෝල්ඩ් සිය රාජධානියේ සිටින සෑම මිනිසෙකුටම අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා කෝටා ක්‍රමයක් පැනවීය. ඇත් දළ හා රන් කෝටාව එක් වරක් හෝ සපුරා ගැනීමට අපොහොසත් වූ පිරිමින්ට දරුණු දඬුවම් වලට මුහුණ දීමට සිදු විය. අත් සහ පාද කපා ඉවත් කිරීම ප්‍රසිද්ධ දඬුවමකි. පුරුෂයා අල්ලා ගැනීමට නොහැකි නම් හෝ ඔහුට වැඩ කිරීමට අත් දෙකම අවශ්‍ය නම් ඔහුගේ බිරිඳගේ හෝ දරුවන්ගේ දෑත් කපා දමනු ලැබීය. (Comment වල ඇති ඡායාරූප බලන්න)
බොහෝ දෙනෙක් මෙම ප්‍රදේශයේ යටත් විජිත වලට ප්‍රථම මිනිසුන් මිලියන 20ක් පමණ ජීවත් වන්නට ඇතැයි පවසයි. නමුත් යටත් විජිතයෙන් පසු 1924 දී සිදු කළ සංගණනය වන විට එම සංඛ්‍යාව මිලියන 10 දක්වා පහත වැටී තිබුණි. මෙම කාලය තුළ ජනපදයේ අතුරුදහන් වූ මිලියන 10 ක ජනතාවක් බොහෝ විට මිය ගොස් ඇතැයි ගණන් බලා තිබේ.
අවසානයේදී, මේ නිදහස් රාජ්‍යය තුළ දිග හැරෙන බියකරු සිහිනය පිළිබඳ කතා බාහිර ලෝකයට ළඟා විය. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්ත යන රටවල ජනතාව මෙයට එරෙහිව පෙළ ගැසෙන ලදී. 1908 වන විට දෙවන ලියෝපෝල්ඩ්ට තම ඉඩම බෙල්ජියම් රජයට පවරා දීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. රජය විසින් වහාම බොරු ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දෙන ලදි. උදාහරණයක් ලෙස කොංගෝ සිවිල් වැසියන් අහඹු ලෙස ඝාතනය කිරීම තාක්‍ෂණිකව නීති විරෝධී වූ අතර, පරිපාලකයින් කෝටා සහ කොමිස් ක්‍රමයකින් ගොස් ඔවුන්ගේ කොන්දේසි අවසන් වූ විට පමණක් ඔවුන්ට වැටුප් ලැබුණි. රජය යටත් විජිතයේ නම බෙල්ජියම් කොංගෝ ලෙස වෙනස් කළේය. එය එලෙස නිමා විය. ඉන් පසු කොංගෝවේ වසර ගණනාවක් තිස්සේ කස පහර සහ විකෘති කිරීම් පැවතුණි. 1971 දී නිදහස ලැබෙන තෙක් ලාභයේ සෑම සතයක්ම යුරෝපීයන් ගිල ගත්හ.
බෙල්ජියමේ රජු සහ එක් කාලයකදී ලෝකයේ විශාලතම පෞද්ගලික ඉඩම් හිමිකරු වූ දෙවන ලියෝපෝල්ඩ් 1909 දෙසැම්බරයේ ඔහුගේ කිරීටයේ 44 වන සංවත්සරයදා සාමකාමීව මිය යන ලදී.
දෙඅත් කපා දැමූ ළමුන් |
රබර් වතු කම්කරුවන් |
එකල කොංගෝවේ බොහෝ ලෙස විනෝදයට සිදු වූ දඩයම් |
1904 දී සිය රබර් කෝටාව දීමට නොහැකි වීම නිසා දඬුවමක් ලෙස මේ පුද්ගලයාගේ පස් හැවිරිදි දියණියගේ අත් පා කපා දමා ඇත. ඉතිරි වූ අත් පා කොටස් දෙස බලමින් ඔහු කල්පනා කරමින් සිටී |
1897 දී බෙල්ජියමේ "සත්වෝද්‍යානයක" කොංගෝ වැසියන්ට මිනිස් ප්‍රදර්ශන භාණ්ඩ වීමට බල කෙරුනි |
අත් කපා දමා ඇති අයුරු |
2020 පැවති "Black Lives Matter" විරෝධතාමාලා වලදී බෙල්ජියමේ තිබූ මොහුගේ පිළිරුව ඉවත් කරන ලෙස බල කරන ලදී. පසුව එය ඉවත් කරන ලද අතර ඉවත් කිරීමට ප්‍රථම විරෝධතාකරුවන් පිළිරුවට හානි කර ඇති අයුරු |
0 comments:
Post a Comment