- නාරං ගෙඩි 15 ක් විතර
- දෙහි ගෙඩියක යුෂ
- සිහින්ව ගාගත් දෙහි ගෙඩියක පොත්ත
- මින්චි කොල ස්වල්පයක්
- සීනි රස අනුව
- ලුණු රස ඇනුව
- සෝඩා කෝප්ප 1
- ශීතකල වතුර ලීටර් 1 1/2
✅ සාදා ගන්නා ආකාරය :
- ♦️ මුලින්ම දෙහි ගෙඩියක් ග්‍රේට් කරල ගන්න. පසුව එම දෙහි ගෙඩියම මිරිකා යුෂ ටික ගන්න.
- ♦️ දැන් ග්‍රේට් කරගත් දෙහි ගෙඩිය සහ මින්චි කොළ ටික සෝඩා ටික සමඟ බ්ලෙන්ඩ් කරල පෙරා ගන්න.
- ♦️ දැන් නාරං ටික මිරිකා පෙරා ගත් මිශ්‍රණය දමා කවලම් කරගෙන වතුර එක්කොට ලුණු සහ සීනි එකතු කර කවලම් කරන්න.
- ♦️ රස බලා පෙරා ගන්න.අයිස් ට්‍රේ එකක් අරන් ඒකට ජූස් එක ටිකක් දමා මිදෙන්න තියන්න.හදාගත් බීම එකත් ශීතකරණයේ තබන්න.
- ♦️ අයිස් ටික මිදුණු පසු ඉන් කිහිපයක් බීම එකට දමා හොඳට බ්ලෙන්ඩ් කර ගන්න.
- ♦️ පසුව වීදුරු වලට දමා උඩින් මිදුණු අයිස් කිහිපයක් දමා රස විඳින්න.නිකන් වතුර අයිස් කැට දානවට වඩා ජූස් එකෙන්ම අයිස් කැට හදල දැම්මම හරිම රසයි.
🔴🔴 කැමති නම් මේ හදාගත් ජූස් එකට පිපිඥ්ඤා කැරට් බීට් ග්‍රීන් ඇපල් වගේ යුෂ එකතු කරල වෙනමම රසක් එකතු කර ගන්නත් පුළුවන් 👍
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා.
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸
✍️ ගයාන් විදාන පතිරණ
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.
0 comments:
Post a Comment